අසරුදීන් රිය අනතුරක…. නූලෙන් දිවි ගලවා ගනී….

හිටපු ඉන්දියානු ක්‍රිකට් නායක මොහොමඞ් අසරුදීන් රාජස්තානයේ සුරාල් ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් අනූ නවයෙන් දිවි ගලවා ගත්බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියි.

අදාළ අනතුරු අධිවේගී මාර්ගයේදී සිදුවී ඇති අතර එහිදී ඔහුගේ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇත.

සිය පවුලේ සමීපයකු සමග ගමන් කරමින් සිටියදී අසරුදීන් මෙම අනතුරුට පත්ව ඇත. එහිදී ඔහුගේ මෝටර් රථයේ සිටි අනෙක් පුද්ගලයාට තුවාල සිදු වුවද අසරුදීන්ට කිසිදු තුවාලයක් සිදු නොවී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ. අනතුරින් පසුව අසරුදීන්ව වෙනත් මෝටර් රථයකින් හෝටලයක් වෙත ගෙන ගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට දින කිහිපයකට පෙර ඉන්දියානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරගයකට සහභාගි වූ අසරුදීන් එහිදී ගංගුලිලේ කණ්ඩායමට එරෙහිව ලකුණු 37 ක්ද ලබා ගත්තේය.

Exit mobile version