හලාවත අවුරුදු 12ට අඩු දරුවන්ට ෆයිසර් දීමේ සිද්ධියට සෞඛ්‍ය ඇමතිත් ගැස්සිලා…

වයස අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් මේ වන තෙක් සෞඛ්‍යඅමාත්‍යංශය කිසිදු තීරණයක් ගෙන නොමැති නමුත් හලාවත ප්‍රදේශයේ කොක්විල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී වයස අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව  සඳහන් කරයි. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය ඇමතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇතැයිද ඔහු පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වයස අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමක් මේ වන විට සිදු නොවුවද කොවිඩ් වයිරසය තදින් පැතිර ගිය ඇතැම් ප්‍රදේශවල  කර්මාන්තශාලා වන්හි සේව කළ වයස අවුරුදු 18ට වැඩි  ඇතම් පුද්ගලයින් කොවිඩ් මර්දන එන්නත ලබා දීම‌ට කයුතු කළ බව අධ්‍යක්ෂවරයා පැවසීය.


Exit mobile version