අවුරුදු 07කට පසු 2022 දී වී අස්වැන්න තුනෙන් එකකටත් වඩා අඩු වෙලා – මහ බැංකුව

ලලිත් චාමින්ද –

පොහොර හිඟය ඇතුළු  සැපයුම් අංශයේ  දැඩි අවහිරතා  හේතුවෙන්  වසර හයකට පමණ පසු  මෙරට අඩුම වී නිෂ්පාදනය  ඉකුත් වර්ෂයේ දි (2022) වාර්තා වි ඇති අතර  වි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 3.4 ක් දක්වා   සියයට 34.1කින් පහළ ගොස් ඇති බැව් ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි. මීට ඉහත එවැනි අඩුවීමක් වාර්තා වී ඇත්තේ වර්ෂ 2017 දී ය. 

 එම වාර්තාව අනුව   2021/2022 මහ කන්නයේ දි  මෙරට වි අස්වැන්න සියයට 36.9කින් ද  2022 යල කන්නයේ දි  වි අස්වැන්න  සියයට 30.0කින් පහළ ගොස් ඇත.

පොහොර සහ යෙදවුම්වල  හිගය හේතුවෙන්  වි නිෂ්පාදනයේ සාමාන්‍ය පලදාව 2021 වර්ෂයේ දි  වාර්තා වු හෙක්ටයාරයකට කිලෝග්‍රැම් 4571ට සාපේක්ෂව  2022 වර්ෂයේ දි  හෙක්ටයාර එකකට කිලෝග්‍රැම් 3,045 දක්ව පහලගොස් තිබුනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2022 වර්ෂයේ සමස්ත වි නිෂ්පාදනය  සහල් මෙට්‍රික්ටොන් මිලියන 2.1කට සමාන වි ඇති අතර  එය ගෘහස්ත සහල් ඉල්ලුමෙන් මාස 11ක් සදහා පමණක්  ප්‍රමාණවත්   බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.


Exit mobile version