සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවදානමක් තියනවා තමයි… ඒත් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මකයි… IMF කියයි!

by editor
ජූලි 3, 2025
in පුවත්
papajoju

IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපජෝජූ

Share on FacebookShare on Twitter

බී.බී.සී –

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක නමුත් ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවයන් සැලකිය යුතු අවදානම් ඇති කළ හැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අද (ජුලි 3 වැනිදා) ප්‍රකාශ කළේය.

වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහා වන IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපජෝජූ කියා සිටියේ විස්තීරණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සාමාන්‍යයෙන් ශක්තිමත් බවය.

“වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතු වූ අවදානම්වලට විසඳුම් ලබා දීමත් සමඟ, ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහන යටතේ කාර්ය සාධනය සාමාන්‍යයෙන් ශක්තිමත් මට්ටමක පවතිනවා. ආර්ථිකය ශක්තිමත් වීම, උද්ධමනය අඩු මට්ටමක පැවතීම, සංචිත ගොඩ නැඟීම සහ රාජ්‍ය ආදායම වැඩි දියුණුවීම සමඟ ප්‍රතිසංසතකරණ ඵලදායී වෙමින් පවතින බව පෙනී යනවා. ණය ප්‍රතිව්‍යූගතකරණය අවසන් අදියරට ළඟා වෙමින් තිබෙනවා. ආර්ථිකයේ ඉදිරි දැක්ම ධනාත්මක වුණත් අවදානම් ඉහළ ගොස් තිබෙනවා.”

ශ්‍රී ලංකාව සඳහා ලබා දෙන මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ IMF විධායක මණ්ඩලය සිව්වන සමාලෝචනය 2025 ජුලි 1 වැනිදා සම්පූර්ණ කළේය.

අනතුරුව මීළඟ ණය වාරිකය වන (ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක් පමණ) මුදල කඩිනමින් ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පියවර ගත්තේ ය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඒ අනුව ණය වැඩසටහන යටතේ මේ දක්වා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ථ ණය මුදල ඩොලර් බිලියන 1.74ක් පමණ වේ.

සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීමේදී පූර්ව ක්‍රියාමාර්ග දෙකක් ගැන අවධානය යොමු කළ බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.

“ප්‍රධාන වශයෙන් පූර්ව ක්‍රියාමාර්ග දෙකක් සැලකිල්ලට ගත්තා. ශ්‍රී ලංකා බලධාරීන් ඒ දෙකම ඉටු කර තිබෙනවා. එනම් පිරිවැය-ප්‍රතිසාධන විදුලි මිලකරණය සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැලපීම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම. “IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපජෝජූ සඳහන් කළේය.

හිඟ වියදම් තොගය හැර 2025 වසරේ මාර්තු මස අවසානය සඳහා වූ සියලු ම ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව විසින් සපුරා ඇති බවද ඔහු පැවසීය.

මේ අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආර්ථික වර්ධනය ශක්තිමත් වීම, උද්ධමනය අඩු මට්ටමක පැවතීම, සංචිත වර්ධනය වීම සහ මූල්‍ය ආදායම වැඩිදියුණු වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඵල දරමින් පවතින බවයි.

“ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමට ආසන්නයි. ආර්ථික දැක්ම ධනාත්මක වුණත්, අවාසි සහගත අවදානම් වැඩි වෙලා තිබෙනවා” ඔහු සඳහන් කළේය.

අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සමාජ සහයෝගය දැක්වීම සඳහා එම වැඩ සටහන්වල ආවරණය තවදුරටත් දියුණු කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව විසින් පිරිවැය-ප්‍රතිසාධන විදුලි මිලකරණය යථා තත්ත්වයට පත් කිරීම සහ ස්වයංක්‍රීය විදුලි ගාස්තු ගැලපීම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම IMF අගය කළ අතර, මෙම පියවර “ප්‍රශංසනීය” සහ මූල්‍ය අවදානම් පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය.

ණය ප්‍රතිව්‍යුගතකරණය අවසන් වීම ආසන්නයට

ණය ප්‍රතිව්‍යූගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේවන විට ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සමග ද්වීපර්ශවික ගිවිසුම්වලට අත්සන් තබා ඇත.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුගතකරණය අවසන් වීම ආසන්නයට පැමිණ තිබේ.

පිස්කල් හා ණය තිරසාරභාවය සඳහා එම ක්‍රියාවලිය අවසන් කිරීම ඉතා වැදගත් බවද IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපජෝජූ කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාමේ ප්‍රගතිය සැලකිය යුතු කරුණක් බවත් නිල සහ වාණිජ ණයහිමියන් සමඟ ඉතිරි ද්විපාර්ශ්වික ගිවිසුම් කාලෝචිත ලෙස අවසන් කිරීම ප්‍රමුඛතාවයක් බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

American Plastics ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Next Post

ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙක් වෙඩි තබා ඝාතනය කරයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.