අලුතින් පාසල් ඇරඹීමත් සමග දරුවන්ට විකුණන්න මදන මොදකය ගෙනත්…

කිලෝ දෙක හමාරක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් සැකකරුට රුපියල් 25000ක් දඩ...

මාතර – සම්පත්-

පාසල් ළමුන්ට අලෙවි කිරීම සඳහා ගෙනැවිත ගබඩා කර තිබූ මදනමෝදක කිලෝ දෙකක් සහ ග්රෑම් හාරසිය පනහක් සමග අත්අඩංගුවට ගත්  පුද්ගලයෙකුට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 25,000 ක දඩයක් සහ රුපියල් ලක්ෂ පහක  ශරීර දෙකක් මත ඇප නියම කළේය.
දික්වැල්ල නගරයේ ඇති ප්‍රසිද්ධ සිනමාහලක් පිටුපස ඖෂධ අලෙවි සලක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ව්‍යාපාරිකයා මදන මෝදක අලෙවි කරන බවට දික්වැල්ල  පොලීසියට තොරතුරු ලැබීමෙන් පසු මෙම වැටලීම සිදුකර ඇත.
දික්වැල්ල පොලිසියේ නිලධාරීන්  විසින් මෙම ඖෂධ අලෙවිසැල වටලන අවස්ථාවේදී එහි තිබී මදන මෝදක කිලෝ 2 යි ග්රෑම් 450ක්  බර සකස් කරන ලද ගුලි 176 ක් තිබී සොයාගෙන ඇත . දික්වැල්ල පොලිස් නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනවලින් පසු දීර්ඝ කාලයක් දික්වැල්ල නගරයේ උපකාරක පන්ති වලට පැමිණෙන සිසුන්ට සහ පාසල් ළමුන් ඉලක්ක කරගෙන මෙය අලෙවි කර ඇති බවට අනාවරණය කරගෙන තිබේ.
මෙම අනාවරණයයෙන් පසු එම ඖෂධ සල් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයා දික්වැල්ල පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස දඩ නියම විය. විත්තිකරුට රුපියල් 25000ක දඩයට   අමතරව රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් තබන ලෙසත් එම ඇපකරුවන් ග්‍රාම නිලධාරී   සහතික මගින් පදිංචිය සනාථ කරන ලෙසත්  මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ඉසුරු නෙත්තිකුමාර    නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ දඩ නියම වූයේ දික්වැල්ල දන්දෙණිය පදිංචි   38 පුද්ගලයකුටය.  මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ගේ උපදෙස් මත දික්වැල්ල පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් පරීක්ෂක චන්ද්‍රදාස ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකර සිදු කර සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

Exit mobile version