අලි පැටවුන්ගේ සිද්ධියෙන් නොපෙනෙන අනතුරක් – නීතිවේදීහු පෙන්වා දෙති

නඩු කටයුතු හේතුවෙන් රජය භාරයේ සිටි අලි පැටවුන් 15 දෙනකු යළි ඔවුන් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් වෙතම නිදහස් කිරීම සඳහා අධිකරණයේ අවසරය ලබාගැනීමට නිතිපතිවරයා කටයුතු කිරිෙම් සිදුවීම තුළින් පෙනී යන්නේ මේ රටේ නීතියේ ආධිපත්‍යය දැඩි අභියෝගයට ලක් වීමක් බවත් මෙවැනි පූර්වාදර්ශවලට තවදුරටත් ඉඩ ලබා නොදුනහොත් රටේ ජනතාව විධායකය සහ ව්‍යවස්ථාදායකයේ වහල්ලුන් බවට පත් වීමේ ඉඩක් පවතින බව පාරිසරික යුක්ති කේන්ද්‍රයේ සභාපති රවීන්ද්‍රනාත දාබරේ මහතා පවසයි.

ඊයේ (19) මාධ්‍ය හමුවක් පවත්වමින් දාබරේ මහතා මේ බව ප්‍රකාශ කළේ පරිසර සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

ඒහිදී තවදුරටත් අදහස් දැක්වූ නිතීඥ රවීන්ද්‍රනාත් දාබරේ අගෝස්තු මස 19 වැනිදා වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය වන සත්තව හා තුරුලතා ආඥා පනත උල්ලංඝනය කරමින් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් පත්‍රයක් බවත් මෙය දඩමීමා කරගනිමින් රජයේ පොදු දේපළක් ලෙස සැලෙකන අලි ඇතුන් ආගමික සහ සංස්කෘතික කටයුතුවලට එහා ගිය වෙනත් මුදල් ඉපයීෙම් කටයුතුවලට භාවිත කළ හැකි වන පරිද්දෙන් මෙම ගැසට් නිවේදනයෙන් ඉඩ සැලසී ඇති බවත් මේ අකාරයට නීතියට පිටින් කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ ඔවුන් වෙන් වෙන්ව පෞද්ගලිකව නඩු පැවරීමට පරිසර යුක්ති කේන්ද්‍රය කටයුතු කරන බවත් නීතීඥ දාබරේ සදහන් කෙළ්ය.


මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ ජේෂ්ඨ පාරිසරික නීතිවේදි ආචාර්ය ජගත් ගුණවර්ධන පැවසුෙව් මෙම අලි පැටවුන් නිදහස් කිරීමේ ක්‍රියාදාමය තුළ නිසැකවම මූලික මිනිස් අයිතිවාසිකම් පවා අභිෙයාගයට ලක්ව ඇති බවය.

රටේ ඕනෑම කෙනෙකුට එම රටේ ස්ථාපිත නීතියට අනුකූලව කටයුතු කිරීමේ සහ ජීවත් වීමේ නිදහසක් පැවතිය යුතු නමුත් මෙම ක්‍රියාදාමය හේතුවෙන් නීතියේ පාලනය අභිබවා ගොස් ඇති බවත් එයින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් මෙම සිදුවීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුකරයකට ජනතාවට යා හැකි බවද පෙන්වා දෙන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව නිහහස් කරන ලෙස ඉල්ලා සිටි අලි පැටවුන් 14 දෙනකුගෙන් එක් සතකු හැර සෙසු සතුන් සියල්ල මේ වන විට රැගෙන ගොස් ඇති බවද මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය විය.

Exit mobile version