සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි ඇතුන් 07 දෙනෙක් අනතුරට ලක් කළ මීනගයා දුම්රිය රියදුරට එරෙහිව විනය පියවර ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

by editor
ඔක්තෝබර් 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය පෙබරවාරියේ හබරණ දී දුම්රියේ ගැටී අලි ඇතුන් හත්දෙනකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් පවත්වා මීනගයා දුම්රිය පැදවූ 67 හැවිරිදි දුම්රිය රියැදුරුට එරෙහිව නිසි නීතිමය පියවර ගැනීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා කේ. ප්‍රියදර්ශනි  ඇතුළු පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (30දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

විශ්‍රාම වයස ඉක්ම වූ දුම්රිය රියැදුරන් ගල්ඔය දුම්රිය හන්දියේ සිට මඩකළපුව දුම්රිය ස්ථානය තෙක් ධාවනය වන දුම්රියවලට සහ ගල්ඔය දුම්රිය හන්දියේ සිට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය අතර ධාවනය වන දුම්රියවල සේවයේ යෙදවීම වළක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත නියෝගයක් කරන ලෙසද කේ. ප්‍රියදර්ශනි, එස්.ආර්. අධිකාරම්, එල්.ඒ.ආර්. චන්ද්‍රශාන්ත, අනුෂා ඩේවිඩ් හා එල්.වී.ජේ. චන්ද්‍රශාන්ත යන පෙත්සම්කරුවෝ සිය නීතිඥවරයා මගින් ගොනු කළ එම පෙත්සමෙන් ඉල්ලා සිටිති.

මෙවැනි අලි ඇතුන් මාරුවන පෙරකී ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය කරන දුම්රිය රියැදුරන්ගේ දැඩි නොසැලකිල්ල නිසා එවැනි මරණ සිදුවන නමුත් ඔවුනට එරෙහිව කිසිදු විනය පියවරක් ගෙන නොමැති බවත් ඔවුන්  මේ දක්වා සේවයේ යෙදී සිටින බවත් එම පෙත්සමෙන් පෙන්වා දී තිබිණි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා, වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා, පරිසර අමාත්‍යවරයා හා ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු 12 දෙනෙක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

ඉකුත් මාර්තු මස, මැයි මස හා අගෝස්තු මස ද මෙවැනි අලි මරණ සිදුවී ඇති බවත් ඒවා වළක්වා ගැනීමට බලධාරීන් නිසි පියවර ගෙන නොමැති බවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දී තිබිණි. ( ඒ.ජේ.ඒ. අබේනායක – දිවයින )

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ ජන ගහන වර්ධන වේගය තව දුරටත් පහළට… වැඩිහිටි ජන ගහණය වැඩි වෙයි… ළමා ජන ගහණය අඩු වෙයි…

Next Post

කෝටි තුන හමාරක මත්ද්‍රව්‍ය සමග වත්තල දී පද්මේ ගේ ගෝලයින් 03ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.