අලිමංකඩක කඳවුරු බැන්ද පෙම් යුවළට වන අලි ප්‍රහාරයක් ! පෙම්වතිය මරුට

කොස්ලන්ද උඩදියලුම කදවුරු බිමක කඳවුරු ගසා රාකත්‍රිය ගත කරමින් සිටි තරුණ පෙම්වතුන් යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් 23 හැවිරිදි තරුණියක මිය ගොස් ඇති අතර ඇයගේ පෙම්වතා බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන්ට මෙම ප්‍රහාරය ඊයේ රාත්‍රි එල්ල වී ඇති අතර තුවාල ලත් තරුණයා කොස්ලන්ද රෝහලට යවා එයින් පසුව දියතලාව රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන් වේ.

මෙම තරුණ යුවළ පූනාගල දෙසින් පැමිණ උඩදියලුම රක්ෂිත ප්‍රදේශයේ අනාරක්ෂිත තැනක කඳවුරු ලා ඇති අතර මෙම කඳවුරු බිමේ වෙනත් කිසිවකු රාත්‍රිය ගත කොට නැති බවද සඳහන් වේ. වන අලින් නිතර එහා මෙහා යන අලිමංකඩක් ආසන්නයේ ඔවුන් නවා තැන් ගෙන ඇති බව පැවසෙන අතර රාත්‍රියේ ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ල වුවද ඔවුන් රෝහල් ගත කිරීමටද මේ තත්ත්වය හේතුවෙන් ප්‍රමාද වී ඇති බ ද ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මාතර කැකණදුර පදිංචි වයස අවුරුදු 23ක් වන තරුෂි කවීෂා නැමැති 23 හැවිරිදි තරුණියකි. ඇය කුරුණෑගල ප්‍රදේශයේ හෙද පාඨමාලාවක් හදාරන අතර එහිදී වාරියපොළ ප්‍රදේශයේ තරුණයකු සමඟ පෙම් සබඳතාවක් ඇති තරගෙන මාපිය එකඟතාවද සහිතව විවාහ ගිවිස ගෙන ඇති බවද සඳහන් වේ. තුවාල ලත් පෙම්වතා කුරුණෑගල ප්‍රදේශයේ වෙළෙඳ සහයකු ලෙස කටයුතු කරන අතර ඔහු මේ වනවිට බරපතල තුවාල ලබා රෝහල් ගත තොට ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද රජයේ රක්ෂිත කැළැවක අනාරක්ෂිත ලෙස කඳවුරු ලා ඇති මෙම යුවළට පහසුකම් සැපයූ කිහිප දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version