අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න බැරි උනේ  යහපාලන ලොක්කො සිංගප්පූරුවත් එක්ක දාපු ඩීල් නිසා

ලක්ෂාන් ද සිල්වා –

යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් සිංගප්පූරු රජයේ බලවතුන් සමග මිත්‍ර සම්බන්ධතා පැවැත්වීම නිසා මහබැංකු කොල්ලයට සම්බන්ද හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූ බව හිටපු ජනාධිපති, පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසන්නේය.

අර්ජුන් මහේන්ද්‍රන් මූල්‍ය වංචාවක සම්බන්ධ බැවින් ඔහුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රී ලංකා රජය එදා ලිඛිතව ජාත්‍යන්තර පොලිසියට (ඉන්ටර්පෝල් පොලිසියට) දැන්නුව ද හැරෙන තැපෑලෙන් යහපාලන ආණ්ඩුවේ බලවතුන් එය මූල්‍ය වංචාවක් නොව දේශපාලන ප්‍රශ්නයක් බව ජාත්‍යන්තර පොලිසියට දැනුම් දීම නිසා අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බව එම පොලිසිය රජයට දැනුම් දුන් ආකාරය හිටපු ජනාධිපතිවරයා අනාවරණය කළේය.

කොළඹ දී අද (03) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය. මහබැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන්  එදා පහසුවෙන්ම අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව තිබුණ ද අද වන විට තමන්ගේ නම පවා වෙනස් කරගෙන තිබෙන තත්වයක් මත ඔහු ගෙන්වා ගැනීමට නම් නැවත මුල සිට කටයුතු ආරම්භ  කළ යුතුව ඇති බව හේ පෙන්වා දුන්නේය.


අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයාව සිටිය දී ඔහු විසින් බරපතල මූල්‍ය වංචාවක් සිදුකර තිබෙන බව ඔප්පු කිරීමට අදාල ලියකියවිලි දැඩි වෙහෙසක් දාර අප ඉදිරිපත් කර තිබිය දී ඔහු මෙරටට භාරදීමට අවස්ථාව තිබූ බව ඔහු කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වත්මන් ජනාධිපතිවරයාත්, නීති අංශයත්, රටේ ජනතාවත් මේ සත්‍ය නිසිලෙස තේරුම් ගෙන කටයුතු කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

Exit mobile version