අයි.සී.සීයට එරෙහිව නුවන් සොයිසා නඩු යයි..

Nuwan-Soyza

නුවන් සොයියා

අයි.සී.සී. දූෂණ විරෝධී සභාව තවමත් හේතු සහිතව තීන්දුවක් ලබා දී නොතිබිය දී තමා විසින් කිසිසේත් නොකළ වැරදි සම්බන්ධව අවරගණයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමෙන් තමන් බලවත් ලෙස කම්පා වුණු බවත්, ඒ පිළිබඳ ස්විස්ටර්ලනත්යේ ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලයට, එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනා ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් දූෂණ චෝදනාවට ලක් වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා පවසයි.

එමෙන්ම තමන් සිද්ධිය සම්බන්ධව, අයි.සී.සී. දූෂණ විරෝධී විනිශ්චය සභාවට, ශ්‍රී ලංකා අභියාචනාධිකරණයට, අන්තර්ජාතික ක්‍රීඩා බේරුම් කරණ මණ්ඩලයට පැමිණිලි කළ බවත් නුවන් සොයිසා කීවේය.

තවද ක්‍රීඩා පනත හා නව ක්‍රීඩා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත යටතේ අග්‍රාමාත්‍යවරුන් තුන් දෙනෙකුට, ජනාධිපතිවරුන් දෙදෙනෙකුට, පාර්ලිමේන්තුවට  අභියාචනා ඉදිරිපත් කළත් ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන් වෙත කිසිම සහයෝගයක් ලබා නොදෙන බව ඔහු  පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නුවන් සොයිසා කියන්නේ දූෂණ විරෝධී  සංග‍්‍රහය යටතේ දින තිහක් තුළ තීන්දුව ලබා දිය යුතු බවත්, පසුගිය සැප්තැම්බර් 18 දා පැවැත් වූ පරීක්ෂණයේ ප්‍රතිඵල ඔවුන්ට නිශ්චිත කාලය තුළ ලබා දිය නොහැකි වූ බවත්ය. තමන් චෝදනාවට හා ගර්හාවට ලක්වන්නේ ඒ පසුබිම තුළ බව ද නුවන් සොයිසා කියයි..

 

Exit mobile version