අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කරමින් විදේශ රාජ්‍ය රාජ්යාත්ත්රිකයින් කිහිප දෙනකු හමුවී ඇත.
නව අග්‍රාමත්‍යවරයා ලෙස අද (13) රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අද ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ජපානය රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවී සාකච්ඡා කළේය.
එහිදී ඉන්දිය මහා කොමසාරිස් ගෝපාල් බාග්ලෙ සමඟ පැවති සාකච්ඡාවලදී ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදීමට මහ කොමසාරිස්වරයා පොරොන්දු විය.
High Commissioner called on Hon'ble PM @RW_UNP. Conveyed greetings and good wishes. Discussed continued 🇮🇳🇱🇰 cooperation for economic recovery and stability in #SriLanka through democratic processes towards the well being of all the people of 🇱🇰. pic.twitter.com/XJur9hGLtw
— India in Sri Lanka (@IndiainSL) May 13, 2022
ඉන් අනතුරුව අග්‍රාමත්‍යවරයා හමුවූ ජපාන තනාපති මිසුකොෂි හිඩියෙකි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව සඳහන් කළේය.
තමන් ජපානයේ ටෝකියා නුවර බලා හෙට දිනයේ පිටතව යන බවත් එහිදී ශ්‍රී ලංකාව පිළිබද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරයා එහිද සඳහන් කළේය.
මේ අතර ඇමරිකා එක්සත් ජනපද තානාපතිවරිය වන ජූලි චැන්ග් සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවේදී එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ ඉදිරි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සාකච්ඡා කෙරිණි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී සාකච්ඡාවට බදුන් විය.