අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවක් නාකොටික් අත් අඩංගුවට

ලලිත් චාමින්ද –
අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු ට්‍රෝලර් යාත්‍රාවක් සමග පුද්ගලයින් 04 දෙනෙකු අද (31) උදැසන නාවක හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් කරණු ලැබු මෙහෙයුමකදි අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙකී ට්‍රෝලර් ය්‍රාතාව දික්ඕවිට වරායෙන් යාත්‍රාකොට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් යාත්‍රාව ලුහුබඳිමින් පැමිණ ඇත.
පසුව ගාල්ල වරායට ආසන්නයේ දි නාවික හමුදාව විසින් වෙනත් යාත්‍රාවක් මගින් ගමන් මාර්ගය අවහිර කර යාත්‍රාව සමග ජවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ට්‍රෝලර් යාත්‍රාව ගාල්ල ජාකොටුවැල්ල වෙත රැගෙන විත් තිබේ. ට්‍රෝලර් යාත්‍රාවේ සිටි එක් අයෙකු පැනගොස් ඇත.
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version