අයිස්ක්‍රීම් හදන්න ගෙනා කිරිපිටි අනාරක්ෂිතව පැකට් කර විකුණලා…

milk-powder

කීර්ති ප්‍රනාන්දු – 

වෙළෙඳපලේ ඇති වී තිබෙන කිරිපිටි හිඟයත් සමග අයිස්ක්‍රීම් සෑදීම සඳහා  යොදා ගන්නා කිරිපිටි සෞඛ්‍ය අනාරක්ෂාතව පැකට් කර අලෙවි කරනු ලැබූ පිටකොටුවේ වළෙඳසල්  සහ එම කිරිපිටි ඇසුරුම් කළ ස්ථානයක්  මුද්‍රා තබා  කිරිපිටි වශාල තොගයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

මේ වනවිට වෙළෙඳපලේ පවතින කිරිපිටි  හිඟය නිසා   කිරිපිටි ග්‍රෑම් 400  ප්‍රමාණයේ පැකට් ඇසුරුම් කර මේ වෙළෙන්දන් විසින් අලෙවි කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම කිරිපිටි අලෙවි කළ    සහ ඇසුරුම් කළ වෙළෙන්දන්ට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.


Exit mobile version