-
“අයියා” ලෙස ධීවරයින් හදුන්වන සජබ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂ වසන්ත ජයකොඩි ලක්ෂ 25ක් සහ බෝට්ටුවට අවශ්‍ය ඉන්ධන ඇතුළු පහසුකම් සපයා දීලා… අත් අඩංගුවට ගත් ධීවරයෝ හෙළි කරති…
නාවික හමුදාව විසින් දකුණු දිග ගැඹුරු මුහුදේ දී අත් අඩංගුවට ගෙන තංගල්ල ධීවර වරායට රැගෙන පැමිණි කෝටි 400ක මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ සහිත බෝට්ටුවට අදාල මත්ද්‍රව්‍ය ලබා දී ඇත්තේ ඉරාන බෝට්ටුවකින් බව ආනවරණය වී තිබේ.
බෝට්ටුව සමග අත් අඩංගුවට ගත් ධීවරයින් හය දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
ඔවුන් හලාවතින් මුහුදු ගොස් ඇති බවත් මෙම ධීවරයින් හය දෙනාගෙන් අයෙක් මාතර ගන්දර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
සඳලංකාව සජබ ආසන සංවිධායක මෙන්ම පන්නල ප්‍රාදේශීය සභාවට තරගකල හිටපු අපේක්ෂක වසන්ත ජයකොඩි ඔවුන්ට රුපියල් ලක්ෂ විසි පහක මුදලක්, ධීවර යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන සහ ජලය සපයා දුන් බවත් ඔහුව හඳුන්වන්නේ “ අයියා “ ලෙස බවත් මේ ධීවරයින් විසින් හෙළි කර තිබේ.
මේ හෙළිදරව්වත් සමග මේ තැනැත්තාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මකවන පරිදි අත් හිටුවීමට කටයුතු කළ බව සමගි ජන බලවේග නායකය සජිත් ප්‍රේමදාස අද ප්‍රකාශ කළේය.
පොලීසිය සැකකරන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උණාකූරුවේ ශාන්ත නැමැති පුද්ගලයාට අයත් බවය.
විමර්ශන ක්‍රියාත්මකය.







