අයිඑම්එෆ් එකට පිටුපෑ රජය චීනයට අතපායි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පවතින විදේශ සංචිත අර්බුදය විසඳා ගැනීම සඳහා සහන සහ සහාය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකාව චීනයෙන් අර්බුදය විසඳීමට අවශ්‍ය ණය සහන ලබා ගැනීම බලාපොරොත්තු වෙන බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් මේ වන විට චීනය සමග සමග සාකච්ඡා කර ඇති අතර පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සමඟ ද මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී චීන විදේශ අමාත්‍යවරයා සහ රජයේ ප්‍රධානීන් අතර සිදු වූ සාකච්ඡා මොනවාද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍යවරයා සමග කළ හමුවේ දී ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ආනයනික භාණ්ඩ සඳහා ණය සහන ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස චීන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය එම සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කළේය.


කෙසේ වුවද චීනය සමග ගණුදෙනු පිළිබඳ සනාථ කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය සහන පැකේජයක් ලබා ගැනීම වෙනුවට චීනයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා ඇය සහ ලබා ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකර යොමු කර ඇති බව ය.

මේ වන විට මෙරට ප්‍රධානතම පෙළේ වාණිජ මණ්ඩල නායකයින්, ව්‍යාපාර නායකයින් සහ ආර්ථික විශේෂඥයන් ජනවාරි මාසයේදී ගෙවීමට නියමිතව තිබෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය වෙනුවෙන් ගෙවීමට ඇති රුපියල් මිලියන 500 ක මුදල නොගෙවන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර දැනට පවතින විදේශ ණය ප්රතිව්යුහගත කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිය ද සිටියද එම ඉල්ලීම් මේ වනවිට රජයේ පාර්ශ්වයෙන් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ සම්බන්ධයෙන් ඊයේ ප්‍රකාශයක් කරමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලුදේම ඉටුකරදෙන මැජික් යෂ්ටියක් නොවන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයා වෙනත් විකල්ප පිළිබඳ අවධානය යොමු කර ඇති බව පවසන කබ්රාල් මහතා මේ වන විට චීනය සමග ණය සහන ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවත් බීජිං නුවර සමග නව සමග නව ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය දැනට ශ්‍රී ලංකාවේ පවතින විදේශ ණයවලින් 10%ක හිමිකරුවා බව මූල්‍ය වාර්තා සඳහන් කරයි.

Exit mobile version