අයාලේ ගිය තුන් කට්ටුවෙන් ප්‍රශ්න කිරීම නිරෝධායනයෙන් පසු…

එළියට බැහැලා තියෙන්නෙ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙ අවවාද නොසලකා හරිමින්...

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පිළිබඳව කරන විමර්ශනය ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසානයේ ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කීවේය.

අමාත්‍යවරයා කීවේ ඔවුන් රටට පැමිණියේ ඊයේ බවත් ඔවුන්ටත් තමන්ගේ පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු බවත් ක්‍රීඩා ඇමතිවරයා කීවේය. එම කරුණු විමසීමෙන් පසු අවශ්‍ය තීන්දුව ක්‍රිකට් පාලක මණ්ඩලය හා ක්‍රිකට් කමිටුව විසින් ගනු ඇති බවත් ඔහු කීවේය.

වාර්තාවන පරිදි මෙම ක්‍රීඩකයන් ජෛව බුබුල කඩාගෙන පිටතට ගොස් අත්තේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අවවාද නොසලකා හරමිනි. අවවාද දුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට වැඩක් බලාගන්නා ලෙස කියා තිදෙනාම සමග සමච්චලයට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් හෝටලයෙන් පිටව ගොස් ඇත. ආන්දෝලනයට ලක් වූ වීඩීයෝව ගත් පුද්ගලයා විසින් තැබූ ෆේස් බුක් සටහනක ඇත්තේ ඔහු එම වීඩියෝව ගන්නා විට වෙලාව රාත්‍රී 11.28 බවය.


සාමාන්‍යයෙන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් විදෙස් ගත කරනු ලබන්නේ ව්‍යාපාරික පන්තියේ ය. එහෙත් මෙම ක්‍රීඩකයන් තිදෙනා ලංකාවට ගෙන්වා තිබුනේ සාමාන්‍ය පන්තියේ ටිකට් ලබා දෙමිනි. ජාතික ක්‍රීඩකයෙකු නිරෝධායනය කරනව තරු 05 හෝටලයක් වෙනුවට ඔවුන්ව සාමාන්‍ය හෝටලයක් වෙත යොමු කර ඇති අතර නිරෝධායනය යන වියදම් ඔවුන් විසින් දැරිය යුතු බව දන්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ක්‍රීඩකයන් තිදෙනා ව්‍යසනයට ලක් කරනු ලැබුවේ කෝටි හතක් වියදම් කර සැලසුම් කරනු ලැබූ ජෛව බුබුලක් බව මහාචාර්ය අර්ජුන් සිල්වා ඊයේ ප්‍රකාශ කළේය.

Exit mobile version