අයාලේ ගිය තුන්කට්ටුවේ තහනම ඉවත්වන්නේ ක්‍රීඩා ඇමති අණින්… මහෙලත් ඊට සම්මාදම් වෙලා!

kusal-dikwella-

එංගලන්ත සංචාරයේදී විනය කඩ කිරීමක් හේතුවෙන් වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවුණු කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ලට සමාව දී හදිසියේ  ඔවුන්ගේ තහනම ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ   ක්‍රීඩා ඇමති නාමල් හා මහේල ජයවර්ධනගේ බලපෑම නිසා බව ලංකාසරට වාර්තා වේ.

ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධව දැඩි තීරණ ගන්නා අයකු ලෙස ප්‍රකට ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ප්‍රමුඛ විධායක සභාවත් ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වාත් මෙම දඬුවම ලිහිල් කිරීම පිළිබඳ නොසතුටින් පසුවන බවත් වාර්තා වේ.

මේ ක්‍රීඩකයන් තිදෙනාට ලංකා ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද ලබා දී ඇත්තේ ක්‍රීඩක විනය පිළිබඳ සංවේදී කතා කියන ක්‍රීඩා ඇමතිවරයාගේ බලපෑම නිසා බව කියවේ.


කොළඹ එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුවේ සභාපති වරයාද ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන කුසල් මෙන්ඩිස් සී.සී.සී ක්‍රීඩා සමාජයේ සිට   එස්.එස්.සී. ක්‍රීඩා සමාජය වෙත ගෙන ඒමට කටයුතු කර ඇතැයිද වාර්තා වේ.

මෙසේ කුසල් ක්‍රීඩා සමාජය මාරු කිරීමේදී ඉක්මනින් යළි ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය ලබා දෙන බවට පොරොන්දුවක් මහේල විසින් ලබා දී ඇතැයි එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙක් ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ක්‍රීඩකයන් තිදෙනාගෙන් අයකුවන නිරෝෂන් දික්වැල්ල  ලංකා ප්‍රිමියර් ලීගය අතර තුර නවාතැන් ගෙන සිටි හෝටලයේ තරග නොපැවැත්වෙන දින වල පිහිනුම් තටාකයේ බීමතින් හැසිරී ඇතැයි  ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

Exit mobile version