අමෙරිකාවේ වෙඩි තැබීමකින් 8ක් මරුට

ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයට උතුරින් පිහිටි වෙළෙඳ සංකීර්ණයක සාප්පු සවාරි යමින් සිටි පුද්ගලයන් අට දෙනකු තුවක්කුකරුව කු විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.

ඇසින් දුටු සාක්ෂිකරුවන් බවසා සිටියේ තුවක්කුකරු ජනතාවට අසීමිත ලෙස වෙඩි තැබූ බවයි.

තුවක්කුකරු වෙඩි තබා ඝාතනය කළ බවත් ඔහු තනිවම ක්‍රියා කළ බවත් විශ්වාස කරන බවත් පොලිසිය පවසයි.

මියගිය අයගෙන් සමහරක් කුඩා දරුවන් බවද වාර්තා වේ. පුද්ගලයන් හත් දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ වේ.


ගිනි නිවීමේ ප්‍රධානී ජොනතන් බොයිඩ් පැවසුවේ තුවක්කුකරු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර දෙදෙනෙකු පසුව රෝහලේදී මිය ගිය බවයි.

රෝහල් ප්‍රකාශකයෙකුට අනුව වින්දිතයින්ගේ වයස අවුරුදු 5 සිට 51 දක්වා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තුවක්කුකරු කළු ඇඳුමින් සැරසී සටන් ආම්පන්න පැළඳ සිටි බවට සමහර සාක්ෂිකරුවන් තුවක්කුකරු විස්තර කළහ . තුවක්කුකරුගේ මරණයෙන් පසු ලබාගත් දර්ශන ඔහුගේ සිරුර අසල AR-15 වර්ගයේ රයිෆලයක් වැටී ඇති බව පෙනී ගියේය.

Exit mobile version