අමෙරිකානු ජනපති සටනේ බයිඩන් තවත් ඉදිරියට – ට්‍රම්ප් හිටපු තැනමයි

අමෙරිකානු ජනපතිවරණයේ ජය තහවුරු කිරීම සඳහා ජෝ බයිඩන් දිනා ගත යුත්තේ තවත් ඡන්ද කොට්ඨාස 6ක් පමණයි.

මේ වනවිට ජෝ බයිඩන් ඡන්ද කොට්ඨාස 264ක් දිනා ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් දිනා ඇත්තේ 214ක් පමණි.

ප්‍රජාතන්ත්‍රවාදී ජෝ බයිඩන් අමෙරිකානු මැතිවරණයෙන් ජයග්‍රහණ මාවතේ ඉදිරියට ගොස් ඇති නමුත් ඔහුගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රධාන ප්‍රාන්ත හතරක ඡන්ද ගණන් කිරීම අභියෝගයට ලක් කර සිටී.


ට්‍රම්ප් පවසන්නේ ඡන්ද දායකයින්ගේ වංචාවක් පවතින බවත්, පෙන්සිල්වේනියාව, විස්කොන්සින්, ජෝර්ජියාව සහ මිචිගන් යන ප්‍රාන්තවල ගණන් කිරීම නතර කිරීමට අවශ්‍ය බවත් ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් ඒ කිසිදු සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව ය.

Exit mobile version