අම්මගේ තාත්තාගේ සොහොන රැකගන්න බැරිවුණු ජනාධිපති රට රකින්නේ කොහොමද?. උදයංග අසයි!

සිය මවගේ හා පියාගේ සොහාන රැක ගත නොහැකි ජනාධිපතිවරයෙකු රට ආරක්ෂා කරන්නේ කෙසේදැයි උදයංග වීරතුංග   ප්‍රශ්න කළේය.

රාජපක්ෂ පවුලේ ළඟම ඥාති සහෝදරයෙකු   වන උදයංග වීරතුංග මේ බව පැවසුවේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

මහින්ද රාජපක්ෂට  අගමැති තනතුරෙන් ඉල්ලා අස්වෙන තත්ත්වයට වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බව ඔහු කීවේය.

උදයංග වීරතුංග පැවසුවේ  අග්‍රමත්‍යවරයාගේ ඉල්ලා අස්වීම දිනයේ සිදු වූ සිදුවීම එතරම් දුර දිග යන්නට නොදී වළක්වා ගැනීමට ජනාධිපතිවරයාට අවස්ථාව තිබූ බවය.


එහෙත් ඔහුගේ තීන්දු තීරණවලට ආරක්ෂක නිළධාරීන් එකඟ වී නැති බවත් මිරිහානේදී සිදු වූ බස් රථ ගිනි තැබීමට සම්බන්ධ වූ තැනැත්තා තවමත් අත්අඩංගුවට නොගත් බව ඔහු පැවසීය.

අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර ඇති සබැඳියාව පළුදු කරන්නට මූලික වූයේ වියත් මඟ යැයි  ඔහු චෝදනා කළේය. එම  විරසකය කිරීමට මුල් වූ වියත්මග පිරිස් කවුදැයි කළ විමසීමට පිළිතුරක් උදයංග වීරතුංගගෙන් නොලැබිනි.

“වියත්මඟ කණ්ඩායමයි නෙලුම් මාවතේ කණ්ඩායමයි අතර තිබුණු මත ගැටුම නිසා ප්‍රශ්න දුර දිග ගියා.  කොහොම වුණත් ජනාධිපතිවරයා, අගමැතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ගත්ත තීරණය වැරදියි. මහින්දා අයියා ඉවත් වුණේ ඔහුගේ ඉල්ලීමට ගරු කරලා. අපේ අම්මා ලොකු අම්මා හැමෝම මේ තීරණේ ගැන අප්‍රසාදය  පළ  කළා. “

“ඇත්තටම රාජපක්ෂ පවුල මිනිස්සුන්ට එපා වෙන තැනට පත් කළේ ගෝඨාභය රාපක්ෂ.  ඔහු තනි මතධාරියෙක්. ඔහු ජනාධිපතිවරයා විදියට තේරී පත් වුනේ මහින්ද අයියාගේ ඡන්ද නිසා.  මොකද ගෝඨා මිනිස්සු එක්ක කතා කරන්නේ නෑ.. එයා කාමරේ  දොර  වහගෙන තනියෙන් වැඩ කරනවා විතරයි.  දේශපාලනේදී එහෙම බෑ. මිනිස්සු එක්ක කතා කරන්න ඕනේ.  අගමැතිවරයා තමන්ගේ ළඟම උපදේශකයා කර ගන්නත් ඕනේ. ”  ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වීරතුංග  පැවසූයේ රනිල්ගේ පත්වීම ගැන මහින්ද රාජපක්ෂ    අකැමැත්තනේ පසු වුවත් මේ මොහොතේ ඇති එකම විකල්පය ඔහු බවය. අනෙක් අතට ගෝඨා හා රනිල් එකිනෙකා හා හොඳින්ම පෑහෙන බව ද ඔහු පැවසීය.

Exit mobile version