අපි ඉන්නෙ ගිනි කන්දක් උඩ… පන්සල් පල්ලිවලත් පූජා නවත්වලා වගා කරන්න වෙන කාලයක්!

MPK-Mayadunne

අප ඉන්නේ ගිනිකන්දක් උඩ බවත්, පන්සල් පල්ලි කෝවිල්වලත්  පූජා තැබීම පසෙක තබා   වගා කළ යුතු  අවදානමකට අප පත්ව ඇති බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පැවසුවේය.

බතල දන්ඩක්, මඤ්ඤොක්කා දණ්ඩක් කුණු වෙන්නට ඉඩ නොදී කුලී නිවෙස් භූමියේ හෝ නිල නිවාස භූමියේ වගා කිරීමට සියලු දෙනාම සැලසුම් නොකළහොත් ලබන මාසයේ සිට පැමිණෙන ආහාර හිඟය හමුවේ වෙලක් කා ජීවත් විය නොහැකි අවදානමක් ඇතිවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

“ රටක් විදිහට අපි අපේ සියලුම වරප්‍රසාද ලබා ගැනීම අවුරුදු 10කට කල් දාන්න වේවි.  රටේ ආර්ථිකය අපේ දරුවන් වෙනුවෙන් ගොඩනගා අපට අපේ  වරප්‍රසාද ලබා ගන්න සිද්ධ වේවි.  වෘත්තීය සමිති සංගම් යළි කල්පනා කරන්න වේවි. එසේ නොකළ සියලු දෙනාම අනාගතයේ දිනය ජාති ද්‍රෝහීන් ලෙස අනාගතයේ ලියැවේවි.“

“අපි කැමති වුණත් නැතත් යථාර්ථය නම් ලබන මාසය වන විට අපි අනිවාර්යයෙන්ම විශාල අර්බුදයකට යනවා. යල කන්නයේ අපේ කෘෂිකාර්මික නිෂ්පාදන නැ ලබා ගත හැකි බවට අපට සහතිකයක් නැහැ, ”


“එය සාමාන්‍ය තත්වයක් නම්, අපට වෙනත් රටවලින් උදව් ඉල්ලා සිටිය හැකියි.  නමුත් දැන් එය කළ නොහැකියි. බොහෝ රටවල් ආහාර අර්බුදයකට යාමට ආසන්නයි,  ලොකයේ රටවල් 40ක් ඒ අර්බුදය කර ගමන් කරමින් සිටිනවා ”ඔහු පැවසීය.

නොවැළැක්විය හැකි අර්බුදයට මුහුණ දීම සඳහා හදිසි හදිසි සැලැස්මක් වහා සකස් කළ යුතු බව ද ලේකම්වරයා අවධාරණය කළේය.

“අපේ ක්‍රෙඩිට් කාඩ්පත්වල වටිනාකමක් නැති තත්ත්වයකට අපි ගමන් කරමින් සිටිනවා. නුදුරු අනාගතයේදී අපට පෝලිමේ නැවතී ඉන්ධන නොමැතිව ගෙදර යාමට සිදුවනු ඇති” ඔහු  කීවේය.

“අපි හැමෝගෙම ගෙදර උපරිම සහල් කිලෝග්‍රෑම් 10ක් තියෙන්න පුළුවන්, නමුත් කඩවලින් සහල් මිලට ගන්න බැරි වුණාම හිස් අතින් ගෙදර එන්න වෙනවා. අපි ඉන්නේ ගිනි කන්දක් උඩ බව දැන් ඔබට වැටහෙනවා ඇති” ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔහු රාජ්‍ය සේවකයින් අමතා කළ දැනෙන සුළු කතාව පහත දැක්වේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version