සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපව යළි පාරට බස්සන්න එපා… පාස්කු ප්‍රහාරයේ 6වැනි සංවත්සරයට කලින් සාධාරණ පණිවිඩයක් දෙන්න… කාදිනල් හිමියෝ මුල් වරට ජනපතිට දන්වති!

NPP ය දේශපාලන ජයග්‍රහණයේ සුරාන්ත වින්දනය නිමා කළ යුතු බවට කෙරෙන පළමු ප්‍රබල අනතුරු ඇඟවීම නිකුත් වෙයි!

by editor
මාර්තු 15, 2025
in පුවත්
cadinal
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • ඩීල් දාන්න හදන්න එපා… හරි දේ කරන්න… ඔබ බලයට පත් කරගත්තේ පෙර පුරුදු දුර්දාන්තය පවත්වාගන්න නොවෙයි… ලබා දී ඇති බලය භාවිතා කර රට පිරිසිදු කිරීම කරන්න තවත් කල් ගත යුතු නෑ…. තේරුම් ගත යුත්තන්ට තේරුම් යන විදිහට කාදිනල් හිමියෝ බරපතල අනතුරු ඇඟවීමක….

මැතිවරණයට පෙර ජනාධිපතිවරයා විසින් කටුවාපිටිය පල්ලියට පැමිණ ලබා දුන් පොරොන්දුව හැකි ඉක්මනින් ඉෂ්ඨවිය යුතු බවත්, පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරය අවස්ථාව වනවිට මෙම විමර්ශන සිදුවන ආකාරය සම්බන්ධව සාධාරණ හා යුක්ති ගරුක සංඥාවක් අපේක්ෂා කරන බවත් අති උතුම් මැලකම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පැවසූහ.

එසේ නොමැති වුවහොත් යළිත් මහ මගට බසිනවා හැර වෙන විකල්පයක් නොමැති බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

“ඒ අය කිව්වේ කාලයේ වැලි තලාවට මේ ප්‍රහාරයේ සත්‍යතාවය යටපත් කරන්නට ඉඩ දෙන්නෙ නැහැයි කියන පොරොන්දුවයි. ඒ නිසා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. මොකද පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි නිහඬ වෙලා නෑ. අපි බලාගෙන ඉන්නවා. අපි බලය දුන්නා. දැන් අපි ඒ බලය පාවිච්චි කරලා ඒක පිළිබඳ හරි ආකාර විමර්ශනයක් හැකි ඉක්මනින් කරලා ඒකට අවශ්‍යවන නීති රීති සම්පාදනය කරලා නීති රීති වෙනස් කරන්න අවශ්‍ය නම් ඒවා වෙනස් කරලා, යුක්තිය සහ සත්‍යය ඉටු කරන්න. රහසිතගතව ඒවා හංගන් ඉන්න හදන්නේ නැතිව මෙතනදී සිදුවුනේ මොකක්ද කියන එක පිළිබඳ හෙළි කරන්න. එක එක්කෙනා සමග ඩීල් දාන්න යන්නේ නැතිව සත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටින්නට කැමතියි දැන් රට පාලනය කරන අයගෙන්.

අපිට ඒ පොරොන්දුව දුන්නා. ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න කරුණාකරලා… තව මාසයකින් පමණ අපි මේ පාස්කු ප්‍රහාරයේ හය වැනි සංවත්සරය සමරනවා. ඒ නිසා මේ හයවන සංවත්සරයට කලින් අපට මේ පිළිබඳව යුක්තිකරුගක සහ සාධාරණ සංඥාවක් ලැබුනොත් රජයෙන්, අපි කැමතියි ඒ ගැන සතුටු වෙන්න. නැතිනම් අපට සිද්ධ වෙනවා නැවත වරක් පාරට බහින්න. වෙන විකල්පයක් අපට ඇත්තේ නෑ.

උන්වහන්සේ මේ බව පැවසුවේ අග රදගුරු පදවි සන්නිවේදන කේන්ද්‍රය විසින් අද (15) බොරැල්ල අගරදගුරු නිවසේ ශ්‍රවනාගාරයේ දී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ 2025 ජුබිලි වසර වෙනුවෙන් සිදුකරන අගරදගුරු පදවි ජන සන්නිවේදන සමුළුවට සහභාගී වෙමිනි.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

අපි මේ රජය බලයට පත් කරන්න කටයුතු කළේ පැවති දුර්දාන්ත ක්‍රමවේදය වෙනස් කරන්න. නමුත් ඒ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැතිනම් අපිට ආයෙත් සැරයක් හිතන්න වෙනවා.

ඒ නිසා මේ අවස්ථාවේ දී මා ප්‍රකාශ කරනවා කරුණාකරලා දුන්න පොරොන්දු ඉෂ්ඨ කරන්න. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස, මනුෂ්‍ය ගරුත්වය, ස්වාධීනත්වය පාවා දෙන්න එපා. ඒ පාවා දුන්න සංස්කෘතිය ඉවර කරන්න සදහටම. ශ්‍රී ලංකාව තුළ නව චින්තනයක් නව සංස්කෘතියක් ඇති කරන්න. ඒකට තමයි ඔබට අපි බලය දුන්නේ.

ඒ ක්‍රමවේදය අනුව යන්නට අවශ්‍ය නීති රීති වෙනස් කරන්න. ඒවා වෙනස් කරන්න කල් ගන්නට ඕන නෑ. තමන්ට බලය දීලා තියනවා නම් ඒ බලය පාවිච්චි රකලා ඒවා වෙනස් කරන්න පුලුවන්. ඒවා වෙනස් කරන්න. මාධ්‍ය නිදහස, මානුෂීය නිදහස, ගරුත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය කියන මේ සියලු දෙයක් සඳහා කටයුතු කරන්න කියලා මා බලයේ ඉන්න අයගෙන් ඉල්ලා සිටින්නට කැමතියි නැවත වරක්. ඒ අයට මතක් කරනවා.

මේක සඳහා කාලය ගන්න ඕන, අර නීතිය වෙනස් කරන්න ඕන මේ නීතිය වෙනස් කරන්න ඕන, කිය කිය බල බල ඉන්නේ නැතිව…. දැන් බලය තියනවානේ. ඒ බලය පාවිච්චි කරන්න. පාවිච්චි කරලා අවශ්‍ය වෙනස්කම් කරලා සමාජය පිරිසිදු කරලා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට කටයුතු කරන්න. මීට පස්සේ කවදාවත් ඒ සිදුවෙච්චි දේවල්, අතුරුදහන් කිරීම්, ඝාතන, ඒ වගේම ඔසවාගෙන යෑම් නොයෙකුත් ආකාරයේ හිරිහැර කිරීම් සංස්කෘතිය නවත්වලා සැබෑ මානුෂීය ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට ඔබට අප බලය දීලා තියනවා. ඒ බලය පාවිච්චි කරලා කරුණාකරලා මම අද රට පාලනය කරන නායකත්වයෙන් ඉල්ලා සිටින්නට කැමතියි මේ වගේ අවස්ථාවක. එය අපේ වගකීමක්. එය අපේ එඩේරීක සහ දිවප්‍රසාදී වගකීමක්. අපේ සමාජය තුළ ඒ වෙනෙස ඇති කරන්නට.

අපි ජන සන්නිවේදන නිදහස ආරක්ෂාව කළොත් රට ඉදිරියට යාවි පිරිසිදු ආකල්ප තුළ. ඒක ඇති කරන්නට වහාම ක්‍රියාත්මක විය යුතුයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් අපි තාමත් ඉල්ලා සිටින්නේ එදා කටුවාපිටිය දේවස්ථානයේ දී අතිගරු ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව ඉෂ්ඨ කරන්න කටයුතු කරන්න හැකි ඉක්මනින්. ඒ අය කිව්වේ කාලයේ වැලි තලාවට මෙහි සත්‍යතාවය යටපත් කරන්නට ඉඩ දෙන්නෙ නැහැයි කියන පොරොන්දුවයි ඒ අය දුන්නේ. ඒ නිසා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. මොකද පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි නිහඬ වෙලා නෑ. අපි බලාගෙන ඉන්නවා. අපි බලය දුන්නා. දැන් අපි ඒ බලය පාවිච්චි කරලා ඒක පිළිබඳ හරි ආකාර විමර්ශනයක් හැකි ඉක්මනින් කරලා ඒකට අවශ්‍යවන නීති රීති සම්පාදනය කරලා නීති රීති වෙනස් කරන්න අවශ්‍ය නම් ඒවා වෙනස් කරලා, යුක්තිය සහ සත්‍යය… මෙතනදී සිදුවුනේ මොකක්ද කියන එක පිළිබඳ … රහසිතගතව ඒවා හංගන් ඉන්න හදන්නේ නැතිව, එක එක්කෙනා සමග ඩීල් දාන්න යන්නේ නැතිව සත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටින්නට කැමතියි දැන් රට පාලනය කරන අයගෙන්.

අපිට ඒ පොරොන්දුව දුන්නා. ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න කරුණාකරලා… තව මාසයකින් පමණ අපි මේ පාස්කු ප්‍රහාරයේ හය වැනි සංවත්සරය සමරනවා. ඒ නිසා මේ හයවන සංවත්සරයට කලින් අපට මේ පිළිබඳව යුක්තිකරුගක සහ සාධාරණ සංඥාවක් ලැබුනොත් රජයෙන් අපි කැමතියි ඒ ගැන සතුටු වෙන්න. නැතිනම් අපට සිද්ධ වෙනවා නැවත වරක් පාරට බහින්න. වෙන විකල්පයක් අපට ඇත්තේ නෑ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනුරාධපුර රෝහලේ සේවක ආරක්ෂාව සහ පහසුකම් සැපයීම ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්!

Next Post

මෙහෙයුමක් අතර වෙලේ සුදාගේ සහොදරයා එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහලේ…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.