අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ ආචාර්ය හිමිනමක් කොවිඩ් ආසාදිතව අපවත් වෙති…

අනුරාධපුර සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය හිමි නමක් වූ තලංපිටියේ මෙත්තානන්ද හිමියන් උන්වහන්සේගේ කුටිය ලඟ වැටී අපවත් වීමෙන් අනතුරුව දේහය සම්බන්ධව කළ පී.සී.ආර්. පරීක්ෂණයක දී කොවිඩ් ආසාදිත බව තහවුරු වී යැයි වාර්තා වේ.

ඒ සිද්ධිය මෙසේය.

තලාපිටියේ මෙත්තානන්ද හිමියන් උන්වහන්සේගේ කුටිය ඉදිරිපිට බිම ඇද වැටී සිටිනු විහාරවාසී හිමිවරුන් විසින් දැක තිබේ.


අනතුරුව වහාම උන්වහන්සේ අනුරාධපුර රෝහලට ගෙනගොස්  ඇති නමුත් ඒ වනවිටත් උන්වහන්සේ අපවත්ව සිටි බව වෛද්‍යවරු පැවසූහ.

අනතුරුව දේහය පිළිබඳව පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකෙරිනි. එම පරීක්ෂණයේ දී උන්වහන්සේ කොවිඩ් ආසාදිතව සිටි බව තහවුරු වූයේය. අපවත් වනවිට උන්වහන්සේ 64 වැනි වියෙහි  පසුවූහ.

අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන ක්‍රමවේදයන්ට යටත්ව අද අනුරාධපුර නිසල උයන ආදාහනාගාරයේ දී සිදු කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිරිවෙනේ හිමිවරු කොටසක් නිරෝධායනය කර තිබේ.

Exit mobile version