අනුරාධපුර රොහලේ  MRI ස්කෑන් යන්ත්‍රය මාස 02ක සිට බිඳ වැටිලා… පොරොත්තු ලේඛණ පිරිලා… රෝගින් සිය ගණනක ජීවිත අනතුරේ…

යළි  MRI එකක් තියෙන්නෙ යාපනයේ රෝහලේ පමණයි…  

MRI

ශ්‍රියානි විජේසිංහ –                                           

අනුරාධපුර මහ රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් පිළිකා රෝගීන්‌ගේ  සහ ස්නායුරෝගීන්ගේ සැත්කම් සිදුකර ගැනීමට නොහැකි වී මෙන් ඔවුන්ගේ ජීවිත දැඩි  අවදානමකට ලක්ව ඇතැයි  රජයේ විකිරණ විද්‍යා    තාක්ෂණවේදීන්ගේ  සංගමය සඳහන් කරයි.

පසුගිය ජනවරි මාසය තුල මෙම යන්ත්‍රය බිඳවැටී ඇති අතර එම බිඳවැටෙන මොහොත වන විට ලබන අප්‍රේල් 25 වන දින වනතෙක් පොරොත්තු ලේඛණය පිරි තිබුණු බව සංගමයේ ලේකම් චානක ධර්මවික්‍රම  සඳහන් කළේය.

යන්ත්‍රය බිඳවැටුණ දිනයේ සිට එනම් ජනවාරි මාසයේ සිට පොරොත්තු ලේඛණයට අලුතින් රෝගීන් ලියාපදිංචි කර නොමැති බවද හෙතෙම පැවසුවේය.

අනුරාධපුර රෝහල හැරුණු කොට MRI යන්ත්‍රයක් පවතිනුයේ යාපනය ශික්ෂණ රෝහල තුළ පමණක් බැවින් රෝගීන් මහත් අසීරුතාවකට පත්ව ඇතැයිද වාර්තාවේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාළ සමාගමට සෞඛ්‍ය අමාත්‍යංශය   කිසිදු මුදල් ගෙවීමට නොමැති නමුත් සමාගම යන්ත්‍රය අලුත්වැඩියා කිරිම දිනෙන් දින කල් අරින බවත්  මේ පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු සොයාබැලීමක් සිදු නොකරන බවත් සංගමය  චෝදනා කරයි.

 

Exit mobile version