අන්තවාදී කල්ලියේ සාරා ඉන්දියාවට පලාගිය බෝට්ටුව හඳුනාගනී

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව එනම් 2019 අප්‍රියෙල් 26 වැනිදා සයින්දමරුදු නිවසක ආරක්ෂක හමුදා සහ අන්තවාදී ත්‍රස්තයන් අතර පැවැති වෙඩි හුවමාරුවක් අතරේ හොරරහසේ පළාගිය බවට සැලකෙන පුලස්තිනි රාජෙන්ද්‍රන් හෙවත් සාරා නැමැති අන්තවාදී කණ්ඩායම් සාමාජිකාව ඉන්දියාවට පළායාම සඳහා මන්නාරම් වෙරළ තීරයේ භාවිත කර ඇති යාත්‍රාව මේ වනවිට හඳුනාගෙන ඇති බවත් එහි හිමිකරුවා අතුරුදන් ව සිටින බවත් ‍පොලිස් විමර්ශණවලින් අනාවරණය වේ.

මෙම බෝට්ටුවේ හිමිකරුවා සොයා මේ වනවිට පුළුල් විමර්ශණයක් ආරම්භ වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි බව කියන සහරාන්ගේ සොහොයුරා ඇතුළු කණ්ඩායම රැඳී සිටි සයින්දමරුදු නිවසේ සහරාන්ගේ බිරිඳ සහ දරුවාද සමඟ සිටි ඇය උපතින් දෙමළ ජාතික කාන්තාවක වේ.


ඇය මීගමුව කටුවපිටිය දේවස්ථානයේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට මරාගෙන මැරුණු හස්තූන්ගේ බිරිඳ වේ.

පුලස්තිනි රාජන්ද්‍රන් හෙවත් සාරා නම් වන ඇය පාස්කු ප්‍රහාරයෙන් පසුව සයින්දමරුදු බලා එන අතර පොලිස් පරීක්ෂකවරයකුගේ සහය මත ඇය එම ස්ථානයෙන් පිටවූ බවට පොලිසිය විශ්වාස කරයි.

අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ මෙම පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් ලද තොරතුරුවලට අනුව ඔහු පසුගියදා අත්අඩංගුවට ගැනිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට තවදුරටත් සිදුවන පරීක්ෂණ අනුව ඇය මඩකලපුවේ මාස හතරක පමණ කාලයක් ගතකොට මන්නාරම් මුහුදු තීරය හරහා බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් ඇති බව ට තොරතුරු අනාවරණය වි තිබේ.

Exit mobile version