අන්තර් පළාත් දුම්රියට ගොඩවෙන්න හැමෝටම බෑ… දුම්රිය සාමාන්‍යාධිකාරී කියයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



අන්තර් පළාත් දුම්රිය සේවාවන් ‍ භාවිත කරන්නේ නම් රාජකාරි හැඳුනුම්පත හා අනෙකුත් ලියකියවිලි අත්‍යාවශ්‍ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එවැනි ලියකියවිලි නොමැතිව දුම්රියේ ගමන් කිරීම කළ නොහැකි බවත් දුම්රියේ ගමන් කිරීමට උක්ත ලියකිවිලි පෙන්විය යුතු බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පැවසුවේය.

දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශයට එයට අදාළ ලියකියවිලි ඕනෑම වේලාවක පරීක්ෂා කර නිසි පියවර ගන්නා ලෙස තමන් උපදෙස් දී ඇතැයි ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

මේ වන විට කාර්යාලීය දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ඉහළ නංවා ඇති බවත් දුම්රිය ස්ථානයට ඉක්මනින් පැමිණ අදාළ දුම්රිය තෝරාගෙන තදබදයකින් තොරව තමන්ගේ ගමනාන්තය දක්වා ගමන්ගන්නා බවත්, මේ වන විට දුම්රිය මැදිරි වැඩි කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු පැවසීය.


Exit mobile version