අනතුරු ඇඟවීම ඇත්තක් වෙයි – කාබුල් ගුවන් තොටුපළෙන් පිටත පිපිරීමක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපල ඉදිරිපිට පිරිරීමක් සිදුව ඇති අතර එය මරාගෙන මැරෙන බෝම්බයක් බවට සැක පහළ කරයි. රොයිටර් පුවත් සේවය වාර්තා කරන ආකාරයට කුඩා දරුවන් ඇතුළු 13 දෙනෙකු පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. තලේබාන් සංවිධානයේ සාමාජිකයකු රෝයිටර් වෙත පවසා ඇත්තේ අමෙරිකාව සහ මිත්‍ර රටවල් විසින් අයි.එස් ප්‍රහාරයක් සිදුවනු ඇති බවට කළ අනතුරු ඇඟවීම පරිදි මෙම පිපිරීම සිදුව ඇති බවය. තලේබාන් ආරක්ෂකයින් බොහෝ දෙනෙකු ද පිපිරීමෙන් තුවාල ලබා ඇති බව එම තලේබාන් නිලධාරියා පවසා ඇත.

තුවාල ලැබූවන් අතර අමෙරිකානු සේවාවන්හි ද සාමාජිකයින් සිටින බව එරට නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත. ඔහු පැවසුවේ ජීවිත හානි ඇති නමුත් කී දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත්ද ඒ කුමන ජාතිකයින් දැයි මේ වනතුරුත් නිවැරැදිව නොදන්නා බවය.

ඇෆ්ගනිස්තානය තලේබාන් සංවිධානය විසින් යටත් කර ගැනීමෙන් පසුව පසුගිය දිනවල දහස් ගණන් ජනතාව ගුවන් තොටුපලෙන් පිටත රැස්ව සිටියේ රට අතහැර පළා යාමටය. තලේබාන් සංවිධානයට එරෙහිව වසර 20 ක යුද්ධයේදී බටහිර රටවලට උදව් කළ විදේශිකයන් සහ ඇෆ්ගනිස්ථානුවන් රටින් ඉවත් කර ගැනීමේ මෙහෙයුම අගෝස්තු 31 දින අවසන් වීමට නියමිතය.


පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු තහවුරු කළේ ගුවන් තොටුපළේ අබේ දොරටුව අසලදී සිදු වූ පිපිරීමකින් ජීවිත හානියක් සිදු වී ඇති බවයි. ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවූවත් ගුවන් තොටුපල දොරටුවලින් පිටත ප්‍රදේශයේ “ඇදහිය නොහැකි තරම් ජනාකීර්ණ” බවක් දක්නට ඇතැයි කාබුල්හි සිටින බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව පෙනෙන්නට ඇතැයි පැවසේ. තුවාල ලැබූ බොහෝමයක් පිරිමින්, කාන්තාවන් සහ ළමුන් රෝහලක් ඉදිරිපිට ප්‍රතිකාර සඳහා බලා සිටින බවට තොරතුරු ඇතැයි අමෙරිිකානු නිලධාරීන් පවසා ඇත.

Exit mobile version