අධි ආරක්ෂක කලාප ගැසට්ටුව ජනපති අතට ගියේ නීතිපතිටත් හොරෙන් !

අධි ආරක්ෂක කලාප පිළිබඳ ව ගැසට් නිවේදනය ජනාධිපතිවරයා වෙත අත්සන් කිරීම සඳහා ලබා දී ඇත්තේ නීතිපතිවරයාගේ කිසිදු උපදෙසකින් තොරව බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

එය මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් තුන් කට්ටුවකගේ මෙහෙයවීම මත සකසන ලද එකක් බව හෙළි වී අතැයි පැවසේ.

මේ ගැසට් නිවේදනයේ පවතින නෛතික තත්ත්වය පිළිබඳව නීතිපතිවරයාගෙන් ලද උපදෙස් මත රජය එය වහා ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති අතර නීතිපතිවරයාගේ විමසීමකින් තොරව මෙම කටයුත්ත සිදු කළ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් මේ වනවිට රජයේ ප්‍රබලයන්ගේ දැඩි  දෝෂදර්ශනයට ලක්ව ඇති බව ද මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

වර්තා වන පරිදි මෙම ගැසට් නිවේදනය සකස් කර ඇත්තේ පොලිසියේ නීති කටයුතුවලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ මූලිකත්වයෙනි.


මෙම කෙටුම්පත නීතිපතිවරයාගෙන් විසීමකින් තොරව මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   වෙත ඉදිරිපත් කරනු ලැබ  ඇත්තේ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය මහ රැජණගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා ලන්ඩන් බලා පිටත් වීමට සුළු මොහොතකට පෙරය.

සාමාන්‍යෙයන්  ජනාධිපතිවරයාගේ අත්සන යෙදීම සඳහා එවැනි ගැසට් කෙටුම්පත්වල නෛතික භාවය ජනාධිපතිවරයා විසින් විමසනු නොලබන්නේ එවැනි කෙටුම්පත් සාමාන්‍යයෙන්  නීතිපතිවරයාගේ  අනුමැතිය මතව එන බවට පවතින පූර්ව විශ්වාසය මතය.

මෙම ගැසට් නිවේදනය මඟින් රටේ දැවැන්ත ආන්දෝලනයක් ඇති වීමත් දේශපාලන පක්ෂ විසින් මේ අධි ආරක්ෂක කලාපවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමත් හේතුවෙන් මේ පිළිබඳව අවධානය යොමුකිරීමේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක නීතිපති සංජය රාජරත්නම් ගෙන් මේ පිළිබඳව විමසා ඇත.

එහිදී නීතිපතිවරයා පවසා ඇත්තේ අදාළ ගැසට් නිවේදනය පිළිබඳව කෙටුම්පත තම දෙපාර්තමේන්තුවේ විමසීමකින් තොරව ඉදිරිපත් කර ඇති අතර එහි නෛතික භාවය පිළිබඳව ප්‍රශ්න පවතින බැවින් එය වහා ඉවත් කර ගත යුතු බවය.

එහිදී කළ සොයා බැලීමේදී මෙම ගැසට් නිවේදනය මහජන ආරකෂක අමාත්‍යවරයා සහ ඔහු සමඟ කටයුතු කරන ආරක්ෂක අංශයට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරීන් විසින් සකසන ලදුව නීතිපති විමසීමකින් තොරව ජනාධිතිවරයාගේ අත්සන සඳහා යොමු කර ඇති බවය.

ඒ අනුව  මෙම කෙටුම්පත එවැනි විමසීමකට ලක් කර නැති බව ජනාධිපතිවරයා දැන ගන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කරන ලද දැනුවත් කිරීමෙන් පසුවය.

මෙම තත්ත්වය දැනගත් ජනාධිපතිවරයා වහාම මෙම ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස දන්වා ඇතත් එම ගැසට් නිවේදනය යළි ඉවත් කිරීමටද ජනාධිපතිවරයා ම අවශ්‍ය බව දන්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජපානයේ සහ පිලිපීන සංචාරය අවසන් කර යළි පැමිණි වහාම ගැසට් නිවේදනය අහෝසි කිරීමට අදාළ ව සිය අත්සන යොදා ඇති බව සඳහන් වේ.

 

 

 

Exit mobile version