අද IMF ණය පහසුකමට විධායක කමිටු අනුමැතිය ලැබුණු පසු සිද්ධ වෙන දේ…

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) ලැබීමට නියමිතව තිබේ.

එම කමිටුව අද මෙරට වෙලාවෙන් රාත්‍රියේ දී රැස්වී අදාල අනුමැතිය සම්බන්ධ තීන්දුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා ප්‍රකාශ කිරීමට නියමිත බව  මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 4ක් තුළ ලැබීමට නියමිත අතර එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මස අගදී ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

මෙම ණය මුදල ලැබීමත් සමග  ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය  මූලික වශයෙන් අවසන්වන පවසන     ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත ඒත් සමග   ලැබෙනු ඇති බව  පෙන්වා පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබීම තුළින් ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳ තබන විශ්වාසය තවත් වැඩි වී නව ආයෝජන ප්‍රවේශ විවර වනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පල කරයි.

Exit mobile version