අද සිට උපදින ශ්‍රී ලාංකික බිළඳුන්ට උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයත් ලැබෙයි!

කීර්ති ප්‍රනාන්දු –

ශ්‍රී ලාංකික දෙමව්පියන්ට දාව මෙරට දී උපදින දරුවන්ට උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ද නිකුත් කිරීම අද (01) දින සිට ආරම්භ කර තිබේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රා ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව  උපතේදී නිකුත් කරන උප්පැන්න සහතිකයටම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මේ අනුව සිදුකරනු ලබයි.

මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් අද සිට ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

මාර්ගත ක්‍රමවේදය ඔස්සේ දෙපාර්තමේන්තු දෙක අතර තොරතුරු හුවරමාරු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් වී ඇත.


මෙම ව්‍යාපෘතිය  ක්‍රියාත්මක වන්නේ පසුගිය දෙසැම්බර් මස 14 දින එළඹි අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version