අද වාර්තා කළ මරණ ගණන 47ක්..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (29) දින සිදුව ඇති එම මරණවලින් එක් මරණයක් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුගේ බවට තහවුරු කර ඇත.

වයස අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 12ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් 10ක් කාන්තාවන්ය.

මේ අතර වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 34ක් ඊයේ දිනයේ දී කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,077ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version