සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 04ක් වාර්තා කළේය. අඩියාලවෙම්බු ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 94 හැවිරිදි පුද්ගලයෙක්, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දර්ගා නගරයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගිය අය අතර වෙති. මේ වනවිට ලංකාව තුළ මිය ගිය කොවිඩ් ආසාදිතයන් ගණන 208කි.
එමෙන්ම අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගලන් 555ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ සමග කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 40 000 ඉක්මවා ගියේය. මේ වනවිට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 40126කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.