අද දවසට කොවිඩ් මරණ 04යි… දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් ගණන 40000 පනී.

අද දවසට කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ගල්කිස්ස ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්,  කාත්තන්කුඩියේ 64 හැවිරිදි පිිරිමි පුද්ගලයෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ඕපනායක ප්‍රදේශයේ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් තිබිණි.

මේ වනවිට කොවිඩ් ආසාදිත වීම නිසා සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 229ක් දක්වා ඉහළ ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අද දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 535ක් වාර්තා වූයේය. ඉන් 18ක් බන්ධනාගාර රැඳවියන්ය. අනෙක් 517 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.  මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 40 000 ඉක්මවා ගොස් ඇත. අද දින වනවට මුළු ආසාදිත සංඛ්‍යාව 44082කි.


 

 

Exit mobile version