අද කොවිඩ් මරණ නෑ… ප්‍රමාදව වර්තා වූ මරණ 48යි… ආසාදිතයන් 3398යි

අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ එක්කවත් වාර්තා නොවූ බව  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කරන්නේය. එහෙත් මැයි 11 සිට ජුනි 03 දක්වා ප්‍රමාද වී වාර්තා වූ මරණ 48ක් ඔහු විසින් තහවුරු කරන්නේය.

ඒ අනුව මෙතෙක් රජයේ නිල වාර්තාවලට අනුව ලංකාවේ සිදුවූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1656කි.

එමෙන්ම අද කොවිඩ් ආසාදිත පුද්ගලයන් 3398ක් රජය විසින් තහවුර කළේය. කොවිඩ් දෙවන රැල්ලෙන් අනතුරුව මෙතෙක් වාර්තා වී ඇති ලංකාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 192584කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කර ඇති වාර්තා පහත දැක්වේ

Exit mobile version