අද කොව්ඩ් මරණ 19ක්… ආසාදිතයන් 1886ක්

කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කළේය. ඒ අනුව මේ වනවිට රට තුළින් වාර්තාවන සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 764ක් බව රජය නිවේදනය කළේය.

සුනන්දපුර 63 හැවිරිදි කාන්තාවක්, ඉලවාලෛයි  75 හැවිරිදි කාන්තාවක්, කෝන්ගහවෙල 60 හැවිරිදි පුරුෂයෙක්, රත්මලා 86 හැවිරිදි පුරුෂයෙක්, දෙහිඅත්තකණ්ඩිය 54 හැවිරිදි කාන්තාවක්, බදුල්ල මයිලගස්තැන්නේ 72 හැවිරිදි පුරුෂයෙක්, වාද්දූවේ 72 හැවිරිදි කාන්තාවක්, කොළඹ 03 ප්‍රදේශයේ 53 හැවිරිදි පුරෂයෙක්. රද්දොළුගම 68 හැවිරිදි පුරුෂයෙක්, රාගම 45 හැවිරිදි කාන්තාවක්, වැලිකඩ බන්ධනාගාරයේ 68 හැවිරිදි රැඳවි කාන්තාවක්, පෝද්දල 82 හැවිරිදි පුරුෂයෙක්, අලපලාදෙණිය 50 හැවිරිදි පුරුෂයෙක්,  පෝද්දල 65 හැවිරිදි පුරුෂයෙක්,අගුගහ 80 හැවිරිදි කාන්තාවක්, හික්කඩුව 65 හැවිරිදි කාන්තාවක්, අඟුලුගහ  74 හැවිරිදි පුරුෂයෙක්, නුවරඑළිය  75 හැවිරිදි පුද්ගලයෙක්, අනුරාධපුරය 76 හැවිරිදි පුරුෂයෙක් මෙසේ මිය ගොස් තිබුණහ.

මේ පිළිබඳ රජය නිකුත්කළ නිවේදන පහත දැක්වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ නිල දත්ත අනුව අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 1886ක් වාර්තා විය.

Exit mobile version