අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි!

parliament of sri lanka

පාර්ලිමේන්තුවට අද (25)  ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක් ප්‍රමාද කිරීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ  පවසයි.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැඩි බලපෑමක් එල්ල වී තිබෙන පසුබිමක මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව බවද අමාත්‍යවරයා පවසා ඇත .

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සඳහන් කළේ ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළම විවිධ මත ගැටුම් පවතින බවයි.

අලුත් අවුරුද්දෙන් පසු පළමුවරට අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් විය.


අද දින අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ 2023 ජනවාරි මස 30 දින අංක 2217/28 ගැසට් පත්‍රයේ පළකල නියමය විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර හෙට සිට (26) ලබන 28 දක්වා දින තුනක කාලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සැකසුම් සම්බන්ධයෙන් වෙන යෝජනාව, විවාදයට ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අයිඑම්එෆ් විවාදයට දිගටම සහභාගී වෙන්න යැයි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති අතර පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලට අනුව, විවාදයෙන් අනතුරුව පනත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට ද ඉඩ තිබේ.

Exit mobile version