අතුරුදන් වූ යාපනය ධීවරයාගේ සිරුර තමිල්නාඩුවට ගොඩගසයි….

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයෙන් මුහුදු ගොස් සිටියදී අතුරුදහන් වූ ධීවරයාගේ මළ සිරුර සතියකට පසුව ඉන්දියාවේ තමිල්නාඩු වේදාරනියම් මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී ඉන්දීය ධීවරයින් පිරිසකට 7 දා හමු වී තිබේ.

ඔහු තවත් ධීවරයින් තුන් දෙනෙකු සමග මුහුදු ගොස් සිටියදී බෝට්ටුව අනතුරකට පත් වීම නිසා මුහුදට වැටී ඇති අතර අනෙක් ධීවරයින් දෙදෙනාව වෙනත් ධීවර බෝට්ටුවක සිටි පිරිසක් වීසින් බේරා ගෙන තිබුණි.

යාපනයේ ඩෙල්ෆ්ට් 8 වන පටුමගේ පදිංචිව සිටි සිල්වෙස්ටර් මරියදාස් නැමති මෙම ධීවරයාගේ මළ සිරුර හමුවන විට එය බෙහෙවින් නරක් වී තිබීමත් කොවිඩ් වසංගතය නිසා සිරුර යාපනයට එවීමට නොහැකි නිසාත් මළ සිරුර තමිල්නාඩුවේදී මිහිදන් කොට ඒ පිළිබදව තොරතුරු හා ඡායාරූප යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඥාතීන් වෙත බාර දී තිබේ.

Exit mobile version