අතුරුදන් වූවන්ට වන්දි දෙන්න හැදුවට අතුරුදන් වූයේ කවුදැයි හරියට දන්නෙ නෑ… ශිවාජිලිංගම්   කියයි… 

K-Shiwajilingam

දිනසේන රතුගමගේ –

යුද  සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ට වන්දි ගෙවීමට හෝ සහන සැලසීමට පෙර අතුරුදහන් වී ඇති පුද්ගලයින්ගේ නිවැරදි දත්ත ඇතුළත් ලේඛනයක් සකස්  කළ යුතු බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී දෙමළ ජනතා සන්ධානයේ ලේකම් එම්.කේ.ශිවාජිලිංගම්   ඊයේ ( 01)  පැවසීය.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක් වු  හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් එක් එක් පාර්ශ්වයන් සතුව ඇති තොරතුරු හා දත්ත වල වැරදි හා පරස්පරයන් ගණනාවක්ම ඇති බවයි.

අතුරුදහන්වූවන් පිළිබදව තොරතුරු සොයා බලන සංගම් යුද සමයේදී පුද්ගලයින් 60000 ක් පමණ අතුරුදහන් බව ප්‍රකාශ කරන නමුත් රජයේ සංඛ්‍යා ලේඛන වලට අනුව එම සංඛ්‍යාව 24000 ක් පමණ වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව අතුරුදහන් වූ සංඛ්‍යාව 20000 ක් පමණක් බවද  සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියි.


එකම සිද්ධියක් වෙනුවෙන් ඉදිරිපත් වී ඇති සංඛ්‍යා ලේඛන එකිනෙකට පරස්පර වීම නිසා විශාල අර්බූදයක් යළි ඉදිරියේදී ඇති විය හැකි බවත් රජයෙන් වන්දි ගෙවීමේදී ඇත්ත වශයෙන්ම පුද්ගලයින් අතුරුදහන් වූ පවුල් වල සාමාජිකයින්ට දැඩි අසාධාරණයක් සිදු විය හැකි බවත් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩලය  රැස්වන අවස්ථාවේදී මේ ලේඛන සම්බන්ධයෙන් යම් ස්ථිර නිගමනයකට එළඹිය යුතුව ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version