අතුරලියේ රතන හිමි වෙනුවට ගලගොඩඅත්තේ ඤාණසාර හිමි පාර්ලිමේන්තුවට ?

රතන හිමි පක්ෂයෙන් නෙරපා තිබෙන්නේ පොරොන්දු ප්‍රකාරව මන්ත්‍රී ධූරයෙන් ඉවත් වී ඤාණසාර හිමිට අවස්ථාව නුදුන් නිසා...

අපේ ජන බල පක්ෂයෙන් ඉවත් කරන ලද එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වෙනුවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපේ   ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිරීමට එම පක්ෂය සූදානමින් සිටින බව   පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි .

ඉකුත් මහ මැතිවරණයේදී අපේ ජනබල පක්ෂය ට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පූජ්‍ය රතන හිමියන් සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතර සමාන කාලසීමාවක් තුළදී හිමිවීමට එකඟතාවකට එළඹ තිබූ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම මන්ත්‍රී ධූරය එකඟතාවයන් වලට අනුව ආපසු භාර නොදීම නිසා අපේ ජන බල පක්ෂය හා අතුරලියේ රතන හිමියන් සමග අර්බුදකාරී තත්ත්වයක් ද පැන නැගී තිබිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම පක්ෂයේ ලේකම්වරයා කියා සිටියේ පක්ෂ ව්‍යස්ථාව හා විධි නියමන් උල්ලංඝණය කළ නිසා අතුරලියේ රතන හිමියන් එම පක්ෂයෙන් ඉවත් කළ බවය.


Exit mobile version