අතිකාල නොලද බලපිටිය රෝහලේ සෞඛ්‍යය සහායකයෝ උද්ඝෝෂණයේ

දිමනා කප්පාදු කරලා... දෙනවා කීව දවසත් දීමනා ගෙවීම පැහැර හැරලා...

ජයකාන්ත ලියනගේ  – බළපිටිය-   

බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලයේ අතිකාල දීමනා කප්පාදු කළේ යැයි ඊට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමය සහ බළපිටිය මූලික රෝහල සුරැකීමේ සංවිධානයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණයක් හා පිංකටි ව්‍යාපාරයක් අද (11) දවස පුරා බළපිටිය මූලික රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

බළපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ තුන්සියයකට (300) ආසන්න පිරිසක් සිය රාජකාරි වලින් බැහැරව අද (11) පෙ.ව 8.00 සිට සවස 6.30 දක්වා රෝහල් පරිශ්‍රයේ රැඳී සිටි අතර දවස පුරාම වරින් වර විරෝධතාවයේද නිරත විය. ඇතැම් සේවකයින් රෝහල් භූමියේ පැදුරු එලාගෙන ඒ මත වැතිරෙමින් විරෝධතාවයේ නිරත විය.

අද (11) දිනයේ මේ සඳහා විසදුමක් නොලැබුණ බවත් ඒ නිසා හෙට (12) දිනයේදී නැවත රාජකාරි වලින් බැහැරව විරෝධතාවයේ නිරත බවත්  බළපිටිය මූලික රෝහල සුරැකීමේ සංවිධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.


‘’මැතිවරණය ලඟ එනවා – අපේ මුදල් හංගනවා, ‘’කබලෙන් ලිපට වැටුන සුව විරුවෝ – හඬට කාගේ පිහිටද’’, අවසානයට අපි ගන්නේ කොරෝනාව’’, ‘’අවදානම අපි ගන්නේ – හිමි මුදලට ඇයි විද්දේ’’, ‘’දුකක් නැද්ද අපි ගානේ – කාටද ඉතින් වැරදුනේ’’, දුක් විදලා උපයා ගත් අතිකාලට මොකද කළේ’’ ආදී වශයෙන් සටන් පාඨ ලියන ලද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මොවුහු විරෝධතාවයේ නිරත වූහ.

පසුගිය 2020 අප්‍රේල් මාසයේත් මැයි මාසයේත් අතිකාල දීමනා ලබාදෙන ලෙස ඉල්ලමින් බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලයේ මෙසේ විරෝධතාවයේ නිරත වූ බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමයේ බළපිටිය ශාඛාවේ ප්‍රධාන ලේකම් දයානි කණ්ඩම්බි  ප්‍රකාශ කළාය.

පසුගිය මැයි 22 දින ද බළපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය අප්‍රේල් මාසයට අදාල අතිකාල ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරත විය. එහිදී සෞඛ්‍යය බලධාරීන් ජුනි 01 දිනට පෙර අතිකාල ලබාදෙන බවට පොරොන්දු වූ බවත් නමුත් මේ දක්වා එම පොරොන්දු ඉටු නොකළ බවත් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමයේ බළපිටිය ශාඛාවේ ප්‍රධාන ලේකම් දයානි කණ්ඩම්බි  වැඩි දුරටත් ප්‍රකාශ කළාය. එක් අයෙකුට රුපියල් 5000/- පමණ සිට 50,000/- දක්වා පමණ වනතෙක් මෙසේ අතිකාල මුදල් හිර වී තිබෙන බවත් මේ වන විට මැයි මාසයේ අතිකාල ද ගෙවිය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.

අද (11) සවස මේ සම්බන්ධයෙන් සොයා බැලීමට දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කන්චික  පැමිණ රාජකාරි වලින් බැහැරව විරෝධතාවයේ නිරත රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය සමග සාකච්ඡා කර තිබේ. ඔහු සේවකයින් සමග සුහදව සාකච්ඡා කළ බවත් අතිකාල ගෙවා නැත්තේ මුදල් නොමැති නිසා බවත් ප්‍රකාශ කර තිබේ. ඉතාම ඉක්මනින් මෙම මුදල් ගෙවීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේ යැයි රෝහල් සේවකයෝ කියති.

මේ සම්බන්ධයෙන් බළපිටිය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හර්ෂණී වර්ණකුලසූරියගෙන් විමසූ විට මෙසේ පැවසීය.

“මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. පසුගිය මැයි 22 දිනත් මෙවැනිම විරෝධතාවයක බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලය නිරත වුණා. මේ විරෝධතාවය වැරදි හෝ අසාධාරණ යැයි අප කියන්නේ නැහැ. දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාත් ඒ මතයේ ඉන්නවා. අප්‍රේල් මාසයේත් මැයි මාසයේත් අතිකාල ඉදිරියේ දී ගෙවනවා. ප්‍රමාදයක් පමණයි තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් මම අදාල නිලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කරනවා. පසුගිය කාලයේ රජයේ වියදම් අධික වුණා. අදායම් අහිමි වුණා. ඒක නොසිතූ හදිසි තත්ත්වයක් බව අපි දන්නවා නේ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“බළපිටිය රෝහලේ සඳුදාත් සිකුරාදාත් විශේෂඥ වෛද්‍ය සායන කිහිපයත් තිබෙනවා. ඒ දිනවලට රෝගීන් 800 ක් විතර එනවා. අත්‍යාවශ්‍ය සේවාවන් අඩාල කරන්නේ නැතුව විරෝධතාවය දියත් කරන ලෙස මම, ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. රෝගීන් වෙනුවෙන් අවශ්‍ය සේවාව ලබා දියයුතු බව අපි දෙපාර්ශවයම තේරුම් ගැනීම වැදගත්.  

 

 

 

 

Exit mobile version