අත්තනගල්ල පුරාණ රජ මහා විහාරයේ ධාතු මන්දිරය හොරු කඩයි.. ධාතූන්වහන්සේලාත් හොරකම් කරලා….

කීර්ති ප්‍රනාන්දු –

අත්තනගල්ල පුරාණ රජ මහා විහරයේ ධාතුමන්දිරය බිඳ ධාතූන්වහන්සේ සහිත කරඬු තුනක්, පෞරාණික සමාධි පිළිමයක්, කිරි ගරුඩ  පිළිම තුනක් සහ   පඬුරු පෙට්ටිය බිඳ දමා එහි එකතු වූ මුදල් ද කොල්ල කා ඇති බව අත්තනගල්ල පොලිසිය පවසයි.

මෙම කොල්ලකෑම සිදුවී ඇත්තේ  පන්සලට සිවිල් ආරක්ෂක සහ පොලිස් ආරක්ෂාව යොදවා තිබෙද්දී බව වාර්තා වේ.  අත්තනගල්ල විහාරාධිකාරී අලවල සමිත හිමියන් විසින් අත්තනගල්ල පොලිසියට  සිදුකරන ලද පැමිණිල්ලකට අනුව  මූලික විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව අනාවරණය වී ඇත්තේ ධාතු මන්දිරයේ ෙ ජනේලය විවෘත කර ජනේලය ආවරණය කරන ග්‍රිල් ගලවා ඇතුළු වී මෙම සොරකම කර ඇති බවය.

ධාතු මන්දිරය සාමාන්‍යයෙන් විවෘත වන්නේ පොහොය දිනයට බවත් පසුගිය පොහොය දා විවෘත කිරීමෙන් අනතුරුව වෙසක් පොහොය සඳහා සුද්ද පවිත්‍ර කිරීමේ අරමුණින් ඊයේ විවෘත කළ විට මෙම කොල්ලකෑම ගැන තොරතුරු අනාවරණය වූ බවත් විහාරාධිකාරී අලවල සමිත හිමියන් පොලිසියට පවසා තිබේ.

මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවත්, ඇඟිලි සලකුණු කීපයක්  සොයා ගත් බවත් පොලිස් විමර්ශන අංශ කියයි. අද උදේ වරුවේ පොලිස් නිල සුනඛයන් යොදවා විමර්ශන තවදුරටත් පවත්වා ගැනීමට නියමිතය.   .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්තනගල්ල පොලිසිය සිද්ධිය  පිළිබඳ පරීක්ෂණ පවත්වය.ි .

Exit mobile version