අත්අඩංගුවට ගත් අරගලකරුවන් 09 වෙනුවෙන් නීතිඥවරු 350ක්…

නිමන්ති රණසිංහ –

ගාලුමුවදොර අරගල භූමියේදී අද (22) අලුයම සිදුවූ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් නව දෙනා එක් අයකුට රුපියල් 10,000/=ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප 2ක් මත මුදා හැරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර   අද (22) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවා  ඉදිරි දිනයේදී සැකකරුවන්ගේ ඇප අධිකරණයට තැන්පත් කිරීමට නියම කළ අධිකරණය, ඔවුන් පුද්ගලික ඇප මත මුදා මැරීමට ද මෙහිදී නියම කළේය.

මෙම සැකකරුවන් නවදෙනා අතර සිටි සැකකරුවන් දෙදෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන  අතර ඔවුන් දෙදෙනාටද අධිකරණයෙන් ඇප නියම විණි.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, සරත් ජයමාන්න, රියෙන්සි අර්සකුලරත්න සහ උපුල් ජයසූරිය යන මහත්වරුන් ප්‍රමුඛ තුන්සිය පනහකට අධික නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.


පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර   සමග කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝෂාන්ද ඩයස්, සහකාර පොලිස් අධිකාරී විල්ලකවආරචිචි, කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ   ඇතුළු නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

 

Exit mobile version