අනුවණ තීන්දුවක් නිසා ජාතික රෝහල බිහිසුණු කොවිඩ් අනතුරක! රෝහල් ආරංචි මාර්ග කියයි..

අසාධ්‍ය රෝගීන් සියලු දෙනාටම මරණ වරෙන්තු ලියන වැඩක්... රෝහල් කාර්ය මණ්ඩලය නොසන්සුන්...

කොළඹ ජාතික රෝහලවෙත ඇතුළත් කරන රෝගීන් සියලුම දෙනාගේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව  වාට්ටු තුළදී සිදුකිරීමට හෙට (2) සිට පියවර ගෙන ඇතැයි ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ වාට්ටුව තුළ දී සිදුකරන රැපිඩ් පරික්ෂාවෙන් අනතුරුව එම රෝගියා ආසාදිතයෙකු වන්නේ නම් ඔහු හෝ ඇයව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගෙන යාමට කටයුතු කරන බවද සඳහන් වේ.

 මේ වනවිට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හා රෝහල්වල සියලුම ඇඳන් පිරී යෑම නිසා රෝගීන් ජාතික රෝහල තුළම රඳවා ගැනීමට සිදුවී තිබේ. එම රෝගීන් සඳහා රෝහල තුළම වෙනත් වාට්ටු දෙකක් වෙන් කිරීමට ද සැලසුමක් ඇතැයි වාර්තා වේ. 


මේ තීරණය හේතුවෙන් කොවිඩ් වයිරසය ආසාදනය නොවී වෙනත් රෝග සදහා ප්‍රතිකාර ගන්නා රෝගීන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේද ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

අපි මේ සම්බන්ධයෙන් රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකුගෙන් විමසු කළ ඔහු සදහන් කළේ මෙතෙක් කලක් ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන් වාට්ටු වෙත යැවීමට පෙර  අංක 24, 31, 15, සහ 14 යන වාට්ටුවල රඳවා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සිදුකර අනතුරුව ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක් අදාළ ප්‍රතිකාර වාට්ටුවෙත යැවීමට කටයුතු කරන බවත් ආසාදිතයින් ලෙස හදුනා ගන්නා රෝගීන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යැවීමට කටයුතු කල බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව සාමාන්‍ය වාට්ටුවල වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයින්ගේද ජීවිත ආරක්ෂා වුණ නමුත් සෞඛ්‍ය බලධාරීන් මේ වන විට ගෙන තිබෙන අදූරදර්ශී තීරණය හේතුවෙන් සාමාන්‍ය රෝගීන්ගේ මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේද ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි ඔහු  සදහන්‌ කළේය.

 

Exit mobile version