අඩු ආදායම් ලාභී ගොවි පවුල් තුන් ලක්ෂ හැට දහසකට යූරියා පොහොර මල්ලක් නොමිලේ- කෘෂිකර්ම ඇමති

අංජුල මහික වීරරත්න –

අඩු ආදායම් ලබන ශ්‍රී ලාංකික සෑම ගොවි පවුලකටම යූරියා පොහොර මල්ලක් බැගින් නොමිලේ  ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර   පවසයි.

අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට 2022 සහ 2023 මහ කන්නයේදී වී වගාව සඳහා පවුලකට පොහොර මල්ලක් බැගින්  යූරියා පොහොර මලු 3,65,000ක් නොමිලයේ ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාවලදී එකඟතාවය පළ කළ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙරට ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විශේෂ ව්‍යාපෘති ගණනාවක් ලබන මාස් කන්නයේ ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප – 

Exit mobile version