අඩුම ගාණේ ජී.එස්.පී ප්ලස් අහිමි වීම ගැන හිතලාවත් යළි හිංසා ක්‍රියා එපා – විපක්ෂ නායක සජිත් කියයි 

 

රජයේ ආරක්ෂක හමුදා මෙහෙවීමෙන්  පසුගිය සිකුරාදා සිදු කරන ලද ප්‍රහාරයෙන් පසුව යුරෝපා සංගම් සභාව ශ්‍රි ලංකාවට ලබා දෙන ජී.එස්.පී ප්ලස් අපනයන බදු සහනය පිළබඳව දක්වා ඇති අනතුරු ඇඟවීම පිළිබඳව දැඩි අවධානයක් යෙමු කළ යුතු බවත් විදේශ විනිමය ඉතා අදැඩිව අවශ්‍ය වන මොහොතක අඩුම තරමේ එවැනි අවදානම් පිළිබඳව සලකා හෝ ඉදිරියේදි මෙවැනි හිංසාකාරී ක්‍රියා යළිත් වතාවත් සිදු නොවන බවට සහතික විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   අවධාරණය කරයි.

සිකුරාදා අලුයම ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන් වෙත එල්ල වූ ආරක්ෂක  හමුදා  ප්‍රහාරය පිළිබඳව දැඩි විරෝධයක් දක්වමින් යුරෝපා සංගම් කවුන්සිලය ඊයේ නිකුත් කළ ප්‍රකාශය තුළ ඔවුන් ශ්‍රි ලංකාවට යුරෝපා සංගමයෙන් ලබා දෙන අපනයන සඳහා වන ජී.එස්.පී ප්ලස් සහනය පිළිබඳව දැඩි සේ අවධානයක් යොමු කර ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා එය සමස්ත රටටම බලවත් අනතුරු ඇගවීමක් ලෙස සැලකිය හැක්තේ මේ වනවිට ශ්‍රි ලංකාවට අපනයන ආදායම් ලබා දීමේදී මෙම සහනය මගින් අමිල මෙහෙයක් සිදු වන බවද පෙන්වා දෙමිනි.

යුරෝපා සංගම් කවුන්සිලය ඊයේ සිය නිවේදනයෙන් පෙන්වා අවධාරණය කර තිබුණේ නව ජනාධිපති රනිල් විකුමසිංහ   පත්වූ සැනින් මෙම සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය අනවශ්‍ය හිසංනයක් දියත් කිරීමක් වන අතර එයින් ජනතාවගේ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙසය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට යුරෝපා සංගමයට අයත් රටවල්වලින් යුරෝ බිලියන එකකට වඩා ආර්ථික සහන ලබා දී  ඇති යුරෝපා සංගමය 2017 වසරේදී ශ්‍රි ලංකාවේ අපනයන සඳහා යළි ජීඑස්පී ප්ලස් අපනයන සහනය ලබා දීමට ක්‍රියා කළ බවත්  එය ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනයට අතිශය වැදගත් බවත් අවධාරණය කර තිබුණි.

Exit mobile version