අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

SDIG කෙනෙක් මාරු කරන්න බලයක් නැතැයි නීතිපතිට කී පොලිස්පති SDIG ලා හතර අතේ මාරු කරයි....

හිටි හැටියේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට දකුණු පළාතට ස්ථාන මාරුවීමක් ලැබී ඇත. ඔහුත් සමග දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස් දමින්ද නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, නැගෙනහිර පළාත් වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්ලියු.කේ සිල්වා අපරාධ රථවාහන දිසාව භා්‍ර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරු කර යවා තිබේ.

මෙම ස්ථාන මාරු ත්‍රිත්ත්වයේ නිමිත්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බවත්  ඔහුට මෙම ස්ථාන මාරුව ලැබී ඇත්තේ සැබෑ ලෙසම පොලිස්පතිවරයාගේ අවශ්‍යතාව මතද නැතිනම් පොලිිස්පතිවරයාවද අභිබවා යමින් සිටින ඔහු යටතේ සිටිනා වෙනත් පොලිස් ප්‍රධානියෙකුගේ සැළසුමකට අනුවද    යන්න ගැන මේ වන විට පොලීසිය අභ්‍යන්තරයේ   දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

විශේෂත්වය වන්නේ පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න මෙම ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනා ස්ථාන මාරු කර යවන්නේ ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දුන්   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාරු කර යැවීමට තමන්ට බලයක් නැති බව නීතිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබෙද්දී වීමය.

පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ  වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන්  පසු පොලිස්පතිධූරයට ඉහළින්ම නම කියැවෙන නම් අතර  අජිත් රෝහණ  සිටින බවය. ඔහු  පොලීසියේ මෙන්ම ජනතාව අතරද ජනප්‍රිය චරිතයක් වීමත් මෙතෙක්  රටේම රථවාහන මෙන්ම අපරාධ මර්දන කටයුතු සම්බන්ධීකරණ නිලධාරියා  ලෙස කටයුතු කරමින් පොලිසියේ  නියෝජනය ලෙස  ජනතාව අරත නිරන්තරව රැඳී සිටීමත් නිසා   අනාගත පොලිස්පති සටනේ නිරත පොලිස් චරිතයක්  ඔහුව ඉලක්ක කරගෙන මෙම හදිසි මාරුවීම ලබා දීමට යම් බලපෑමක් සිදුකළේ දැයි සැක සහිත බව පොලිස් ප්‍රධානීහුම කියති.


අජිත් රෝහණට ඈත කොනකට විසිවන්නේ කොළඹ ඔහු රැදී සිටියහොත් රටේ තීන්දු තීරණ ගන්නා දේශපාලන අධිකාරිය වෙත ඔහු සමීප වන නිසා බවත් එය වැලැක්වීම මෙම ස්ථානමාරුව පිටුපස ඇති රහස බවත් පොලීසියේ මේ වන විට කථාබහ වන ප්‍රධාන මාතෘකාවක්බවට පත්ව ඇතැයි ද පැවසේ.

පොලිස් මූලස්ථාන තොරතුරු සදහන් කරන්නේ මෙම ස්ථානමාරුවීම කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයාට කියන තුරුම ඔහුද එය දැන සිට නැති බවය. ඒ අනුව පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුවීම කරන්නේද රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්වය.

පොලීසියේ මෙවැනි ගේම් රැසක් ඉදිරියේදී බලා ගන්නට හැකියාව ලැබෙනු ඇති බවත් මේ වන විට පොලිස්පති අත්සනට පමණක් සීමා කරමින් පොලීසියේ බොහෝ වැඩ සිදුවන්නට පටන්ගෙන ඇත්තේ දේශපාලන බලය තමන්වෙත කේන්ද්‍ර කරගත් එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අණසකට යටත්ව බවත් පොලීසිය තුළ කථාබහ වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිලධාරියා කටයුතු කරනුයේ ඇමතිබලතල සියතට ගෙන බවයි පොලීසියේ බොහෝ නිලධාරීන් කියන්නේ.

Exit mobile version