අඟුලාන පොලිසිය ඉදිරිපිට පිරිස පාලනයට STF කැඳවයි

මොරටුව ලුනාව පොලිස් මාර්ග බාදකයෙදී පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලිසිය ඉදිරිපිට අද විරෝධතාවයේ නිරත වූ පිරිස පාලනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබේ.

විරෝධතාකරුවන් පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිද්ධියේ සාක්ෂිකරුවන් මොරටුමුල්ල හා අඟුලාන යන පොලිස් ස්ථාන දෙකට රැගෙන යාම සම්බන්ධයෙන් විරෝධතා පළ කරමින් ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරීමත් සමග පොලීසිය ඉදිරිපිට මෙම උණුසුම් තත්වය ඇති විය.


Exit mobile version