අගෝස්තුවෙන් පසු පුද්ගලික බස්රථවල ගමන් කළ හැක්කේ එන්නත් දෙකම ලබාගත් අයට පමණයි…

බස් ගැමුණු කියන එන්නත් කතාව....

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගෝස්තුවෙන් පසු පුද්ගලික බස්රථවල ගමන් කළ හැක්කේ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින්ට පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඔහු පවසන්නේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය පැතිරී යන වකවානුවක මේ තීන්දුව ගන්නේ බස්රථ කාර්යමණ්ඩලවලත්, බස්රථ හිමියන්ගේත්, සමස්ථ මගී ජනතාවගේත් සුබ සිද්ධිය සලකා බවය.

ගැමුණු විජේරත්න පැවසුවේ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් හඳුනාගත හැකි හැදුනුම්පතක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලා සිටි බවය.

අගෝස්තු පළවෙනිදායින් පසු බස් රථවල ගමන් කිරීමට එම එන්නත් දෙක ලබාගත් බවට වූ හැඳුනුම්පත අනිවාර්ය බවද ඔහු කීවේය.

Exit mobile version