අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව රජයේ මුදල් ඇමතිවරයා ලෙස හෙට ( 25) දිවුරුම් දීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි ලෙස කටයුතු කළ ද පැවති ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වූ පසු මුදල් ඇමති ධුරය ද පුරප්පාඩු විය.

ඉන් අනතුරුව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට දිනකට පෙර වැඩ බලන මුදල් ඇමතිවරයා ලෙස පත්ව කටයුතු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රනිල් වික්‍රමසිංහ රටේ අගමැති ලෙස හය වතාවක් පත්වී සිටිය ද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙන පළමු අවස්ථාව මෙය වේ.


Exit mobile version