අගමැති උපදෙස් මත හෙටින් ඇරඹී  සංවර්ධනය කරන නගර 100 මෙන්න…

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ උපදෙස් පරිදි, වසර ගණනාවක් තිස්සේ විධිමත් සංවර්ධන ව්‍යාපෘති දියත් කර නොතිබුණු    නගර 100 ක් රටම ආවරණයවන සේ  තෝරාගෙන  එකවර සංවර්ධනය කිරීමේ වැඩ සටහන, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ, හිරිපිටිය නගරයෙන් ඇරඹෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

හෙට දින ඇරඹෙන නගර 100 සංවර්ධන ව්‍යාපෘතියට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නගර 08 ක් තෝරාගෙන ඇත.

සෑම නගරයකම පොදුවේ දක්නට ලැබෙන අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම, අක්‍රමවත් පදික වේදිකා සකස් කිරීම, අලුත්වැඩියා කිරීම සහ අලුතින් ඉදිකිරීම, මාර්ග දෙපස කාණු පද්ධති සකස් කිරීම, අලුත්වැඩියා කිරීම හා අලුතින් ඉදිකිරීම, දැනට පවතින රථගාල් සංවර්ධනය කිරීම හා අලුතින් ඉදිකිරීම සිදුවෙයි.


එසේම, අනවසර හා අක්‍රමවත්ව පවතින සියලු නාමපුවරු ක්‍රමවත් කිරීම හෝ ඉවත් කිරීම, රුක් රෝපණය කිරීම, පොදු මහජන ගොඩනැගිලි, තාප්ප යනාදිය නවීකරණය කිරීම, මාර්ග සහ දිශා පුවරු එකම ආකාරයට පවත්වා ගැනීම, කුණු කසල එකතුවන ස්ථාන ආදිය ඉදි කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ද ඒ යටතේම සිදුවේ.

තවද, අවිධිමත් ලෙස තැන් තැන්වල පවත්නා තාවකාලික වෙළෙඳ කුටි ඉවත්කර සුදුසු ස්ථානවල සුදුසු ලෙස ඒවා නැවත සකස් කිරීම, පැති බැමි සහ ආරක්ෂක වැටවල් ඉදි කිරීම වැනි ක්‍රියාකාරකම් ද මෙයට ම ඇතුළත් වේ.

එම වැඩපිළිවෙළ තුළ අලංකාර සහ හිතකර ලෙස නගර සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කිරීම සඳහා, එක නගරයකට රුපියල් මිලියන 20 ක් වන සේ නගර 100 සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කර තිබේ.

මෙම තත්ත්වයන්ට අදාලව ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළින් තෝරාගත් නගර 100 එම දිස්ත්‍රික්ක යටතේ වෙන් වෙන්ව මෙසේ දක්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version